ගමන නොනිමෙයි ලෝකයේ - නාරද දිසාසේකර | Gamana nonimei lokaye - Narada Sisasekara - sinhala lyrics


ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මංතලේ
ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ //

වැටෙන මල් පෙති පාවුණාවේ
සුළං රැළි ඔහෙ යන අතේ
යළිත් ගහ කොළ පාළු නෑනේ
රිකිළි නංවා ලියැලැවේ
ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ

ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මංතලේ

කොහේද සීතල ජලාශයක රැළි
ගැටී ගැටී එයි සුළං වැදී
අපේම සිරුරේ අපේම දහදිය
නිවී නිවී යයි සුළං වැදී
ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ

ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මංතලේ

ගලා බසී දිය පහර සෙමින්
වැලි තලා සදා සමතලා බිමේ
හැපී ගලක යළි සලා වැටුම් දී
නගා නගා හඬ දිවේ දිවේ
ගැටෙන සැප දුක මාරු වී
යයි පුරුදු ජීවන මං තලේ

ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මංතලේ


ගායනය - නාරද දිසාසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
ගී පද - චන්ද්‍රරත්න මානවසිංහ
සිකුරු තරුව චිත්‍රපටියෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...