දෑත ගත්තා අනවසරයෙන් - එම්.ජී. ධනුශ්ක | Datha gaththa anawasarayen - MG Dhanushka - sinhala lyrics


දෑත ගත්තා
දෑත ගත්තා අනවසරයෙන් රිදුනද කුමරියනේ
දෑත ගත්තා අනවසරයෙන් රිදුනද කුමරියනේ
නෙත් නොපියා ළඟ ඉන්න නිසා
මේ මධු සඳපානේ
දැනෙන සුළු ආත්ම ගීතාවේ
අරුත ඔබ වේ මගේ ළඳුනේ
දැනෙන සුළු ආත්ම ගීතාවේ
අරුත ඔබ වේ මගේ ළඳුනේ //

රාත්‍රියක් සේ ඉන්නද නොනිදා
සිහින රෑ නොම ඉටුවූයෙන්
ඔබ ලොව හීනයකට පිවිසී
මා ගැන සිතමින් සැතපේනම් //

ඔබෙ සුපෙම් සමීපේ
පෙම් සුවඳ හමා ඒ
අපගේ අවකාශේ නැලවී හිඳිමු ආදරේ
නෙත් නොපියා ළඟ ඉන්න නිසා
මේ මධු සඳපානේ
දැනෙන සුළු ආත්ම ගීතාවේ
අරුත ඔබ වේ මගේ ළඳුනේ
දැනෙන සුළු ආත්ම ගීතාවේ
අරුත ඔබ වේ මගේ ළඳුනේ

මොහොතක් පාසා ඉමහත් සතුටින්
සැම දිනයම ගත වේ නම්
අදටත් වැඩියෙන් මතු දින දිවියේ
අපමණකට ළංවී ඉන්නම් //

ඔබෙ සුපෙම් සමීපේ
පෙම් සුවඳ හමා ඒ
අපගේ අවකාශේ නැලවී හිඳිමු ආදරේ
නෙත් නොපියා ළඟ ඉන්න නිසා
මේ මධු සඳපානේ
දැනෙන සුළු ආත්ම ගීතාවේ
අරුත ඔබ වේ මගේ ළඳුනේ
දැනෙන සුළු ආත්ම ගීතාවේ
අරුත ඔබ වේ මගේ ළඳුනේ

දෑත ගත්තා අනවසරයෙන් රිදුනද කුමරියනේ
දෑත ගත්තා අනවසරයෙන් රිදුනද කුමරියනේ
නෙත් නොපියා ළඟ ඉන්න නිසා
මේ මධු සඳපානේ
දැනෙන සුළු ආත්ම ගීතාවේ
අරුත ඔබ වේ මගේ ළඳුනේ
දැනෙන සුළු ආත්ම ගීතාවේ
අරුත ඔබ වේ මගේ ළඳුනේ


ගායනය - එම්.ජී. ධනුශ්ක
ගී පද - කැළුම් ශ්‍රීමාල්
හින්දි ගී තනුවක් ඇසුරිනි





වීඩියෝව ගත්තෙ මෙතනින් - LASANTHA GAMLATH

Comments