රණ දෙරණේ - නන්දා මාලිනී | Rana Derane - Nanda Malini


රණ දෙරණේ ගිණි අවි ගත් යුධ සෙබලුනි අසනු මැනව..
වෙඩි උණ්ඩය වැය කොට නුඹ සුරැකිය යුතු ජනපිරිසය..
යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව..
වැනසෙන්නේ නුඹ ද අයත් පංතිය බව සිතට ගන්න..

ඉලක්කයට ලක්වන විට රුදු මරණයෙ ඉරණම් කරු..
බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගෙ රුදුරු..
වැටුපට මිනි මරන දනන් නොව නුඹලා මිනිසුනි ගරු..
අයුක්තියේ අණ පිළිපැද කුමටද නුඹ පලදින තරු..

රණ දෙරණේ...

මානන ගිණි දණ්ඩ තුලින් පෙනෙන තරුණ පපුකුහරය..
අදම කැලතකට අදවින නහර පිනන රස අහරය..
උන්ගෙ බහට නිදොස් දනන් මරතොත් යුධ සෙබල සඟය..
පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය..

ගායනය - නන්දා මාලිනී
සංගීතය - සරත් දසනායක
ගී පද - සුනිල් ආරියරත්න


 වීඩියෝව ගත්තෙ මෙතනින් - Suneth Channaka

Comments

  1. අයුකුන්ටියේ නොව "අයුක්තියේ" විය යුතුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ වෙනස් කලා...

      Delete
  2. \\යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව..
    වැනසෙන්නේ නුඹ ද අයත් පංතිය බව සිතට ගන්න..//

    අහනවනම් මෙන්න සිංදු. මැයි දිනේට ඔබින තිළිණයක්. නුඹට පිං. නව පරපුරේ ගොඩක් දෙනා අහල නැතිව ඇති මේ ගීත.

    ReplyDelete
    Replies
    1. කිසිදා නොමියෙන ගී ගොනුවක් ගතහොත්..අනිවාර්ය ගීයක්..
      හැකි උපරිමෙන් අපි මේ ගී ඇසීමට සලස්වමු..ස්තූතියි සහෝ අදහසට...

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...