පාරමී දම් පුරා - සුනිල් එදිරිසිංහ, නන්දා මාලිනී | Paarami dam pura - Sunil Edirisinghe, Nanda Malini



පාරමී දම් පුරා සපැමිණ
එකට හමු වී වෙන්ව යන සඳ
කියා ගන්නට බැරිව ලතවෙන
හැඟුම් මිහිදන් නොවේ කිසි දින

ලේ නහර ඇට මිදුළු විනිවිද
රිදුම් දෙන හැඟුමක් ද ප්‍රේමය
දුරට වී ඇසිපිය නොලා
බලා ඉන්නට අවසරයි
සංසාරයේ
පතා ආවෙත් එලෙසමයි

ස්වයංජාතව හිතේ මතුවන
පහන් සිතිවිල්ලක්ද ප්‍රේමය
දෙහදකට සීමා නොවී
ළයෙන් ළය සැනසිය යුතුයි
ප්‍රේමයෙන්
විශ්වමය සුවපත් කල හැකියි

නිතින් සසර දුක
ජය ගන්නට වේවී
දහම් සරණ මිස
සරණක් නැත දේවී


ගායනය - සුනිල් එදිරිසිංහ, නන්දා මාලිනී
සංගීතය - නවරත්න ගමගේ
ගී පද - බණ්ඩාර ඇහැලියගොඩ


ස්වයංජාත ටෙලි නාට්‍යයෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - AmilaUL

Comments

  1. මේ ගීතය මතක් කර දුන්නාට අනේ ඔබට පින්...........

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...