නෝනා මගෙ නර්ස් නෝනා - වොලී බැස්ටියන් | Nona mage nurse nona - Wally Bastiansz


නෝනා මගෙ නර්ස් නෝනා
සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ


ලිස්ස වැටිල මෙ මං කලුවරේ
හැපුණා මගෙ ඔලුව කළු ගලේ
උස්ස ගොසින් මාව එවේලේ
දැම්ම මාව ඉස්පිරිතාලේ

සිහිය නැතිව මාව ගෙනාවේ
ලේ ගලමින් බහින කලාවේ
සිහිය ඇවිත් බලපු වෙලාවේ
මම ඇඳ යට නේද ඉලව්වේ

වේදනාව වැඩි නිසා මොළේ
මම කෑ ගැහුවා බොහොම කලබලේ
සාත්තු සේවකයෙක් එ වේලේ
ඇවිත් මට බැන්න කරුවලේ


නෝනා මගෙ නර්ස් නෝනා
සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ


මම කෑ ගැහුවා මර හඬ දීලා
නර්ස් ආව දඩිබිඩි ගාලා
සාත්තු සේවකයා අල්ලලා
තල්ලුකෙරුව මාව බේරලා

මට වෙච්ච විපත පෙනීලා
නර්ස් නෝන බොහොම දුක්වෙලා
ඇඳ යට උන්නු මාව අල්ලලා
දැම්ම ඇඳ උඩට උස්සලා

නර්ස් නෝන අනේ හැබෑට
ආවේ මව් කෙනෙක් විලසට
නැත්නම් මට වෙච්ච විපතට
මම නම් මැරෙනවා ඇඳ යට


නෝනා මගෙ නර්ස් නෝනා
සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ


දුගියාගේ ලෙඩ දුකට ගිය කලේ
පෙන්නයි ඇතැමුන්ගෙ ඇති බලේ
නර්ස් නෝන නැතිවුන කාලේ
කුමටද මට ඉස්පිරිතාලලේ


නෝනා මගෙ නර්ස් නෝනා
සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ


ගායනය, සංගීතය, ගී පද - වොලී බැස්ටියන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - BAILA KING

1 comment:

  1. නර්ස් නෝනා සහෝදරිගේ සල්ලි නයට ගෙන නොගෙවා ලෝකේ වටේ වැරදී කියා යන කෙනෙකි. ඊටත් වඩා සෙල්ලම් දමා ලංකාවේ ඉන්න බැරිව australia වට සහෝදරි ගේ පිහිටෙන් පැමිණ, මස්සිනවා මරන්න හදන කෙනෙකි.

    ReplyDelete

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...