බුදු කරුණා දෑස තෙමී - නන්දා මාලිනී | Budu karuna desa themi - Nanda Malini


බුදු කරුණා දෑස තෙමී
මෙත් සිහිලැලි ඇද හැලුණා
නිවා තාප ලෝ කතරේ
අමා වතුර ගලා බසී
බුදු කරුණා දෑස තෙමී

කඳු වැටිවල නිසොල්මනේ
ගහ කොළ මල් පිපී නටයි
නැවුම් පොළොව නව නිල්ලේ
බුදු සිරිපා පහස ලබයි

බුදු කරුණා දෑස තෙමී

කෙළෙස් මලින් උකටලි සිත
නිවා තවන සුවය සොයයි
නිසල ඔබේ බුදු රුව ළඟ
මගෙ හද භාවනා කරයි

බුදු කරුණා දෑස තෙමී


ගායනය, සංගීතය - නන්දා මාලිනී
ගී පද රචනය - අනුරාධ සෙනෙවිරත්න




වීඩියෝව ගත්තෙ මෙතනින් - Ranil Mudunkotuwa

Comments

  1. ඇග් ගී හඬ ලොව පුරා පැතිරේ කොවුල් නාද දී

    සත්‍යය බුදු දහම මොකද්ද?

    ReplyDelete
  2. සිංහල ගීතයක ගායකයා කවුද යන්න පහසුවෙන් සොයා ගැනීමට හැකි උවද එහි පද රචනය හා සංගීතය කාගේද යන්න සොයා ගැනීම බොහෝ විට අපහසු කටයුත්තකි. එම නිසා හැකි සෑම විටකදීම ගායනය, සංගීතය හා පද රචනය යන ත්‍රිත්වයම සඳහන් කරනවා නම් හොඳයි

    ReplyDelete
    Replies
    1. “ගී පැදුරේ“ පරමාර්ථයත් එයමයි...එහෙත් සන්නිවේදනයේ දුර්වලතාවය නිසා හෝ අපේ දැනුම මද බැවින් යම් විටෙක එය මඟහැරෙයි....
      එබැවින් පාඨක ඔබගෙන් අප ඉල්ලා සිටින්නේත් දන්නා සෑම තොරතුරක්ම ලබාදෙන ලෙසටයි..

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...