ආරාධනා - ඩැඩී, විරේෂ් කුරේ | Aradhana - Daddy, Viresh Cooray


ආරාධනා දෑසින් කියනා
නොපෙනෙන දුර ඈතක මා තනිවම උන්නා
සංවේදනා ගීයක තවරා
කාටත් නෑසෙන ලෙස මා තනිවම වින්දා
දැන් රන් පැහැ ගැන්වූ තොල්
ප්‍රේමාදරයෙන් මත් වී දැවුණා

නෑසී ඇසෙනා ඒ
ඔබමයි ඒ ගීත රාව අමතක කෙ‍රුවේ
සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ
මේ ආදරේ
වෑහී දිලෙනා ඒ
තවමත් ඒ දැනූ සිහින සුවඳයි මිහිරේ
පෙරදා සේ ප්‍රේම ගීත කිව හැක සොඳුරේ
මේ ජීවිතේ

සන්තාපයේ ගිගුරුම් හැලෙනා
සන්සුන් නොවනා සිත මගෙ ආදරෙ හෙව්වා
සංග්‍රාමයෙන් අවසන් නොවනා
ආදර ගීයක් කියනා ලෙස මට කිව්වා
දැන් විසඳුම් නොවෙනා පෙම් දහසක් තිබුණා
මේ ජීවිතයේ

නෑසී ඇසෙනා ඒ
ඔබමයි ඒ ගීත රාව අමතක කෙ‍රුවේ
සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ
මේ ආදරේ
වෑහී දිලෙනා ඒ
තවමත් ඒ දැනූ සිහින සුවඳයි මිහිරේ
පෙරදා සේ ප්‍රේම ගීත කිව හැක සොඳුරේ
මේ ජීවිතේ

හැලෙනා හඬනා වැස්සේ තෙමිලා මා
දැනිලා රිදිලා රිසිසේ තැවුණා මා
තැවුණා මා

නෑසී ඇසෙනා ඒ
ඔබමයි ඒ ගීත රාව අමතක කෙ‍රුවේ
සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ
මේ ආදරේ
වෑහී දිලෙනා ඒ
තවමත් ඒ දැනූ සිහින සුවඳයි මිහිරේ
පෙරදා සේ ප්‍රේම ගීත කිව හැක සොඳුරේ
මේ ජීවිතේ



ගායනය - විරේෂ් කුරේ, ඩැඩී
සංගීතය - ඩැඩී
ගී පද - මනුරංග විජේසේකර




වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...