වැරදුන තැන - අනුෂ්ක උදාන, ටෙරීෂා චතුරිකා | Weraduna Thena - Anushka Udana, Terisha Chathurika


ඔබ මාගේ නිසා - මට මාවම නැතිවුනා
තවයන්නට බැරි නිසා නුඹ හැරදා මා ගියා
තරුකැට පෙන්නලා පෙම් බිදුවක් දුන් ඔයා
සිත මගෙ අසනවා කවුරුද නුඹ කියා

කොහොමද කියල අසනා විට මා
නිහඩව ගොළුවෙනවා...
වැරදුන තැන්ගැන සිත රැවටුව බව
දැන් දැන් දුක් වෙනවා...

කොහොමද කියල ඇසුවත් මා දැන්
උන් තැන මියැදෙනවා...
වැරදුන තැන්ගැන සිත සිත ඇවිදින්
නුඹ ලඟ පරවෙනවා...

ඉවසුම් නැති නිසා - මල් කැටයම් මට එපා
අපි ගිය දුර නිසා - මං සලකුණු නැතිවුනා
අපි අතරේ හිස් කතා - එහි මතකය නැතිරුවා
යළි එන්නැති නිසා - පසුනොබලා මා ගියා

කොහොමද කියල අසනා විට මා
නිහඩව ගොළුවෙනවා...
වැරදුන තැන්ගැන සිත රැවටුව බව
දැන් දැන් දුක් වෙනවා...

කොහොමද කියල ඇසුවත් මා දැන්
උන් තැන මියැදෙනවා...
වැරදුන තැන්ගැන සිත සිත ඇවිදින්
නුඹ ලඟ පරවෙනවා...//

ගායනය : අනුෂ්ක උදාන සහ ටෙරීෂා චතුරිකා
පද රචනය :මනුරංග විජේසේකර
සංගීතය : ලහිරු පෙරේරා සහ විරේෂ් කුරේ (Music Oven)



වීඩියෝව ගත්තෙ මෙතනින් - anushkaudana

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...