මිනිස්කමට නම්බු නාම - රෝහණ වීරසිංහ | Miniskamata nambu nama - Rohana weerasinghe


මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන් //
ඇසේය මිනිස් පුරවරෙන් //

කල්පනා සොඳය මනුපුර බෝසතුන් මවන තරමට
කල්පයේ දැවෙන සිත් නෙත් නිවාලන ලෙසා
කප්තුරෙත් සැදෙයි පිළිලද මල් මගෙත් සිටිත් දෙබරුද
සහසකුත් අසති දෙව්දත් දනන්ගේ මුසා

මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන්
ඇසේය මිනිස් පුරවරෙන් //

පිල් හැලී හඬන මොණරුද බල බිඳී තැවෙන කෙසරුද
කලි යුගේ හොඳත් නොහොඳැයි නිගා දෙනු අසා
නියඟයත් වැසිත් සදන අහස සේම විඳිමු ගැරහුම්
මුණිවරුත් බොරළු කටු මග ඇවිද ගිය නිසා

මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන් //
ඇසේය මිනිස් පුරවරෙන් /////



ගායනය, සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - වසන්ත කුමාර කොබවක




වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara

Comments

  1. I like this song very much!!!! thanks for publishing..

    ReplyDelete
  2. අනේ මන්දා රෝහන අයියේ මේවාට මොනවා කියන්නද කියලා....මට ඔයාගේ ඒ කාලේ මතක්වුනා මේ සින්දුවේ වචනත් එක්ක. කවුද මේක ලිව්වේ?

    ReplyDelete
    Replies
    1. කවුරු ලිව්වද කියල දන්නෙ නෑ... යූ ටියුබ් දාපු කෙනාගෙනුත් ඇහුවා... තාම උත්තරයක් නෑ..

      Delete
    2. මේක ලිව්වෙ වසන්ත කුමාර කොබවක

      Delete
    3. මේ ඉන්නෙ දන්න අය! :D

      Delete
    4. Thanks..Thisara

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...