කවුරුන්ද කවුළුව වැහුවේ - චාමර වීරසිංහ, ශෂිකා නිසංසලා | Kaurunda Kauluwa Wahuwe - Chamara Weerasinghe, Shashika Nisansala



කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ..
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ..
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..
නවතින්න අවසරයි ප්‍රේමයෙන්...

කවුරුන්ද කවුළුව වැහුවේ...//

නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා..
හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා..
නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා..
මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා..

මතකයද මේ දුක් දෙන්නේ - අපි කෙරූ ආදරේ..
අමතකද මා ලඟ උන්නා - තනිකමින් උන් දිනේ..
ඇස් වැහෙන මොහොතක් පාසා - නුඹ ඉන්නවා හිතේ..
යලි එන්න හැකිනම් ඉක්මනින්..

නුඹෙ සුවඳ විලවුන් තවරා - සයනයේ ගුලිවෙලා..
පැරණි මතකය මා ඉල්ලා - යලි එන්නෙ නැති නිසා..
යලි එන්නෙ නැතිදෝ මා සොයා
හැකි මට ඉන්න පෙර සේ වසලා..

කවුරුන්ද කවුළුව වැහුවේ...

ගායනය : චාමර වීරසිංහ, ශෂිකා නිසංසලා
පද රචනය : මනුරංග විජේසේකර
සංගීතය : දිලුම් තේජන


 වීඩියෝව ගත්තෙ මෙතනින් - Nuwan Akalanka

Comments

  1. මෙතැන "පදරචනය" කියන තැන වෙනස් වෙන්නට ඕනෑ..
    ස්තූතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ...වෙනස් කලා.. :)

      Delete
  2. Samahara than waradi

    ReplyDelete
  3. හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...