පවන් සුසුම් දැලින් වෙළී - දේවානන්ද වෛද්‍යසේකර, ඉන්ද්‍රාණි පෙරේරා | Pawan susum dalin weli - Dewananda Waidyasekara, Indrani Perera



පවන් සුසුම් දැලින් වෙළී
ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම්
නින්නාද නැංවූ තරංගා
කුසුම් ළඳුන් බිඟුන් මුවින්
අනුරාග ගී රාව නංවා
ප්‍රසන්න වැව් තීරේ නැගේ
සංයෝග පෙම් ගී තරංගා

පෙම් සීත වර්ෂාවෙ නිල් වැව් තලාවේ
අනුරාග හෝරාව එළඹී තිබේ
මල්හාරියන් පෙම්වතුන් හා තුරුල් වී
අභිෂේක යාමේ උදාවේ

මනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑ
අනුරාග හෝරාව එළඹී තිබේ
මුව මී තෙපුල් රන් උරා බී සිනාසෙන්න
අභිෂේක යාමේ උදාවේ

පවන් සුසුම් දැලින් වෙළී
ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම්
නින්නාද නැංවූ තරංගා
කුසුම් ළඳුන් බිඟුන් මුවින්
අනුරාග ගී රාව නංවා
ප්‍රසන්න වැව් තීරේ නැගේ
සංයෝග පෙම් ගී තරංගා


ගායනය - දේවානන්ද වෛද්‍යසේකර, ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය - ඩබ්.ඩී. අමරදේව
ගී පද - ධර්මසිරි ගමගේ
තරංගා චිත්‍රපටියෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - dushanthaone

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...