මල් මදහාස - සමන් ඉන්දික | Mal Madahasa - Saman Indika


මල් මදහාස ඔය මූණ මැවෙන තරම්..
මට නොකියාම ඔබ මාගේ හිතේ ඉඩ අරන්..
සතු කරගන්න හැමදාම යදිනා වරම්..
මා හැරයන්න එපා කිසිදු කිසිදාක නම්..

දැකල නෑ තව කෙනෙක් ඔබ වගේ මේ ලොවේ
උමතු වී ලද හිත මගේ ඔය රූ කෙරේ
ලස්සනයි ඇත්තමයි ලස්සනයි හද වගේ
වටිනවා ඔබව මට බොහොම සත්තයි නගේ..

මල් මදහාස ඔය මූණ...//

දැනිලා නෑ වෙන කෙනෙක් කිසිම දා මේ වගේ
පැතුම වී ලද හමුවුනේ ඔබ මා කෙරේ
ආදරේ ඇත්තමයි ආදරෙයි පණ වගේ
ඔබ මගේ සතුට හැම නිතර සත්තයි නගේ

මල් මදහාස ඔය මූණ...//

ගායනය : සමන් ඉන්දික
පද රචනය : ප්‍රසන්න කුමාර දම්මලගේ
සංගීතය : චන්දන වල්පොල


වීඩියෝව ගත්තෙ මෙතනින් - SriLankanVideos

Comments

  1. නියමයි ,ලස්සන සිංදුවක්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...