මඩේ ලඟින තාරාවන් - මර්සි එදිරිසිංහ | Made lagina tharawan - Mercy Edirisinghe


මඩේ ලඟින තාරාවන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං //

මදන ඇතුන් නෙලුම් හුයෙන්
මදන ඇතුන් නෙලුම් හුයෙන්
බැඳගන්නද මං
දුවන මුවන් දැක ලන්නද
නෙලූ පලා මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

මඩේ ලඟින තාරාවන් නාවන්නද මං...

හමන සුළන් මකුලු දැළෙන්
හමන සුළන් මකුලු දැළෙන්
වළකන්නද මං
කොහොඹ ගහෙන් කොහොම සඳුන්
මල් නෙළන්නෙ මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

මඩේ ලඟින තාරාවන් නාවන්නද මං...


ගායනය - මර්සි එදිරිසිංහ
තනුව - ගුණදාස කපුගේ
ගී පද - ලූෂන් බුලත්සිංහල




වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMusicTube

Comments