කවාලා විළඳ ජාති - මයිකල් පීරිස් | Kawala wilanda jathi - Michael Peiris


කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව් දිදී ලබනාසෙ වන සැපතා //

උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ
මරණයක් කොටා ඇත නළලේ //
මරණයක් ඇයිද මේ කෙටුවේ
මහබඹා මනු සතා නළලේ

කවාලා විළඳ ජාති...

කිරෙන් කා තෙලෙන් අත සෝදා
අපේ මේ ජීවිතේ රකිනා
දුවන්නේ සිරැරු කූඩුව
මෙහි තබාලා ආව දා මරුවා

කවාලා විළඳ ජාති...


ගායනය - මයිකල් පීරිස්
සංගීතය - මොහොමඩ් ගවුස්
ගී පද - සිරිසේන විමලවීර
(මෙම ගීතය පිළිබඳ තොරතුරු සෙවීමේදී හමු වූ එක් ලිපියකින් මෙය සිරිසේන විමලවීර මහතා විසින් රචනා කල බව හෙලි වූ අතර මයිකල් පීරිස් මහතා ගායනා කරන වීඩියෝවේ දැක්වෙන්නේ මෙය කේ. සෙබස්ටියන් පීරිස් මහතා විසින් රචනය කර ඇති බවයි. මේ පිළිබඳ තතු දත්තෙක් මෙය නිරාකරණය කරතැයි අපේක්ෂා කරමු.)


Prasad Premarathne


Meththa Metta

මෙය මයිකල් පීරිස් මහතාගේ ගීතයක් නොවන බව මේ ගායනයෙන් පැහැදිලි වේ. මේ මෑණියන් වයලට් වීරකෝන් බව කමෙන්ටුවක සඳහන් වේ.


rathnadeepaother

Comments

  1. 'සහරා සමග මයිකල් පීරිස්' නමින් නිකුත් වූ සීඩී තැටියේ එක් එක ගීතයේ පද රචකයන් ගැන සඳහන් නොවුනත්, පදරචනා කල අයගේ නම් වෙනම සඳහන් වෙනවා. එහි සිරිසේන විමලවීර නම නැහැ නමුත් කේ. සෙබස්තියන් පීරිස් යන නම සඳහන් වෙනවා. සෙබස්තියන් පීරිස් කියන්නේ මයිකලේ පීරිස්ගේ පියා බව මමත් තව තැනක දැක්කා. මයිකල් පීරිස් සංගීතය ඉගෙනගෙන තියෙන්නේ ඔහුගෙන්.. ඒ නිසා මෙය බොහෝ විට සෙබස්තියන් පීරිස්ගේ රචනයක් වෙන්න පුළුවන්. අනික සම්මුඛ සාකච්ඡාවකදි කියන දෙයකට වඩා ගීත වීඩියෝවක එහි පදරචකයා, සංගීතඥයා යැ‍යි ඉදිරිපත් කරන නම් වඩා විශ්වාසනීයයි කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන ඉන්දික ලියනගේ ගයන අනුවාදයේ සඳහන් වෙන්නෙත් රචකයා සිරිසේන විමලවීර විදියටයි. ඒ නිසා ඒක වඩාත් නිවැරදි වෙන්න ඇති කියල හිතෙනවා. තවත් අදහස් ඉදිරියෙදි බලාපොරොත්තු වෙමු නේද? :-)

      Delete
  2. ”රොඩී කෙල්ල” නැමති ටීටර් ගීයක් ලෙස පතළ “කවාලා විළඳ ජාති” නැමති ගීතයෙහි අන්තර්ගත ව ඇත්තේ බෞද්ධාගමික අදහස්ය. 1936 වර්ෂයේදී ගායනය වූ මේ ගීතය ඉනදියානු තනුවක් සඳහා නිර්මාණය කරනු ලැබූවකි. “පතාලා ලොවතුරා ශි‍්‍ර බුද්ධ රාජ්ජේ” යනුවෙන් වූ ගීතයක් ද ග්‍රැමර්ෆෝන් ගීත අතර වෙයි. එයද පෙරකී ඉන්දියානු තනුවට අනුව රචනා වූවකි. ගීතයේ පද පෙළ මෙසේය.

    කවාලා විළඳ ජාති
    ඇති කළත් රන් කූඩුවේ ගිරවා
    දමාලා යන්නෙ ඉගිලී
    රැව්දිදී ලබනා සෙවණ සැපතා...

    සිරිසේන විමලවීරයන් රචනා කරනු ලැබූ මේ ගීතය කලින් කල බොහෝ දෙනා ගායනා කරනු ලැබූහ. බුදු දහමෙහි උගන්වන අටලෝදහම සමසේ විඳදරා ගත යුතු බව ගීතයෙන් අවධාරණය කරනු ලබයි.

    මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමි

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...