ජේන් නගේ - සුමිත් මන්දනායක | Jane nage - Sumith Mandanayaka


එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ
මට මනාපනං ඕනතරමං නෑ පරදින්නේ
එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ
අනෙ ජේන් නගේ...
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ

මගේ පැළට උඩින් තව ගෙපොළක් කපන්ට ඉන්නේ
එහි සත් මහලක් හදනවමයි නෑ නවතින්නේ
මැති ඇමති අඹුන් ටික නුඹ හා කදේ වැටෙන්නේ
මුතු මාල පබළු උජාරුවට දිස්නෙ වදින්නේ
අනෙ ජේන් නගේ...
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ

එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ
මට මනාපනං ඕනතරං නෑ පරදින්නේ
එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ
අනෙ ජේන් නගේ...
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ

හැම නිවාඩුවක් අල්ලල ඒරොප්පෙට යන්නෙ
නුඹ කියනවනං ඒරොප්පෙත් පැලක් හදන්නෙ
අපෙ පැටවු නිකං මෙහි ඉඳවල අකුරු කරන්නෙ
මල ඉලව් නුඹේ මනාපෙමයි පරහට ඉන්නේ
අනෙ ජේන් නගේ...
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ

එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ
මට මනාපනං ඕනතරං නෑ පරදින්නේ
එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ
අනෙ ජේන් නගේ...
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ
අනෙ ජේන් නගේ...


ගායනය, සංගීතය, ගී පද - සුමිත් මන්දනායක





වීඩියෝව ගත්තෙ මෙතනින් - coolthili

Comments

  1. මේ ගීතය අහල තිබුණත් ‍සුමිත්ගේ සීඩී එක හමුවුනේ නෑ. මොකක් වුනත් කාලයට ගැලපෙන ගීයක්.

    ReplyDelete
    Replies
    1. සුමිත් පස්සෙ කාලෙක බෑන්ඩ් එකක් එක්ක කරපු සීඩී එකක් මම දැකල තියෙනවා නුගේගොඩ සුපර් මාකට් එකේදි. ඒත් සෑහෙන්න කල්... ඒකෙ මේ සින්දුව ‍නොතිබුණ නිසා මම ගත්තෙ නෑ.

      Delete
  2. මේක ලිව්වේ රුවන් නන්දික නේද?

    ReplyDelete
    Replies
    1. වීඩියෝවෙ තියෙන විධියටනං වෙන්ව බෑ!

      Delete
  3. මේක ලිව්වේ රුවන් නන්දික නේද?

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...