ගංඟා එන්නකෝ ගංඟා - අබේවර්ධන බාලසූරිය | Ganga Ennako Ganga - Abeywardhana Balasooriya


ගංඟා එන්නකෝ ගංඟා..
මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංඟා..

දිරු ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟෙන් දා ගිය සිරුර වාරු කර..//
බලා සිටිද්දී මා..අහක බලාගෙන ගලා ගියා ඔබ..
නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ..

ගංඟා එන්නකෝ ගංඟා...

පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දිය පොද රහිතව අකාලට මහළුව..//
හඬා වැටෙද්දී මා..පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ..
නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ...

ගංඟා එන්නකෝ ගංඟා...

ගායනය : අබේවර්ධන බාලසූරිය
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න


වීඩියෝව ගත්තෙ මෙතනින් - pathm11

Comments

  1. අතන 'දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන' නේද ..?

    බොහොම ස්තුතියි රසික... මේක මගේ පොඩි කාලෙ මතකයන් එක්ක ඈඳිලා තියෙන සින්දුවක්... මගේ ලොකු මාමට මේ සින්දුව හරිම ලස්සනට කියන්න පුළුවන්... ඒ කාලෙ එයා නිතරම කිව්ව සින්දුවක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Miyuru පද වෙනස් කළා...

      ගීය එකතු කරන්න මතක් කලාට ඔයාටත් ස්තූතියි...පෞද්ගලිකව මමත් ගොඩාක් කැමති හරිම ලස්සන ගීතයක්..

      Delete
  2. this is actually very mean full song, this was written by Prof Sunil Ariyaratne on the occasion of mahwali project,
    Ganga is a river waiting the water from another river " Mahawali "

    Ganga ennako Ganga man balana inne obe enathuru ganga.

    Upto this date of mahawali realisation " Penena isawwaen muhudu giya oba"
    E kiyanne mee ganga langin gihilla muhudata watuna, namuth gangata wathura denne nathiwa,

    Ne neda ithin yali Ahaka Balan yanne
    Adin passe gange wathura anikgangata watenne.

    Please read full song and enjoy of this beautiful lyrics

    Sanath

    ReplyDelete
  3. මම සිංදුව අහල තිබුනට අර්ථය,⁣ෙ ත්මාව දැනගෙන හිටියෙ නෑ,,,සිහිනයකි රෑ වැඩසටහනකදි මෙි ගීතේ අර්ථය අනුභූතිය දැනගත්ත ඊට පස්සෙ මාර විදියට මෙි ගීතයට ම⁣ෙ ග් හිත ගියා ,,ලස්සන ගීතයක්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...