සිංහල ජය ගීත හඬට - අතුල සෝමසිරි | Sinhala Jaya Geetha Hadata - Athula Somasiri


සිංහල ජය ගීත හඬට
සිංහල කොඩි වැල් ලෙලදෙන
සිංහල දෙරණේ සරණ
සිංහල සරණේ....//

මූදු වගේ වැව් බැදුණේ..
යෝධ විකුම් බල නැඟුණේ..//
වීර හැඟුම් මල් පිපුණේ..
සාර රටක් ලොව මැවුණේ...

ගල් මත බුදු රූ දිලුණේ..
මහ මෙත් සිසිලෙන් තෙමුණේ..
මහ බෝ හිස දළු සැළුණේ..
සදහම් පණිවිඩ ඇසුණේ..

සිංහල ජය ගීත හඬට...

රුදු රුපු තෙද ඔද සිදුණේ
සුරවිරු රණ ගී ගැයුණේ....//
මව් බිම දියුණට පොරණේ..
දහදිය කඳු ගොඩ ගැහුණේ..

සිරි දළදා රැකවරණේ
රන් වැළි මහ සෑ කිරණේ
මරණින් මතු නව අරණේ
යළි උපදිමි මේ දෙරණේ

සිංහල ජය ගීත හඬට...

ගායනය - අතුල සෝමසිරි ඇතුළු පිරිස
ගී පද - තු.ව. කුසුම්පාල


වීඩියෝව ගත්තෙ මෙතනින් - Chiran Windsor

Comments

  1. සිංහළ ජය ගීත හඬට සිංහළ කොඩි වැල් ලෙලදෙන සිංහළ දෙරනේ... ගීත.රචකයා අප්රකට තු. ව. කුසුම්පාලයන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. යාවත්කාලීන කරන්නම්!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...