මේ මිහිමඬලේ - දීපිකා ප්‍රියදර්ශනී | Me mihimandale - Deepika Priyadarshani


මේ මිහිමඩලේ
සාමයෙ මල් දම් ගොතනා
එකමුතු මිනිසුන් වෙසෙනා
ඒ මල් යායට
අප හා එනු මැන
පාද යාත්‍රාවේ
මේ මිහිමඩලේ

ඔබ අත දුන මැනවි
මා අත ගනු මැනවි
අත්වැල් බන්දා මෙත් සිත් රන්දා
අත්වැල් බන්දා මෙත් සිත් රන්දා
අප යන ගමනට එක්වනු මැන ඔබ
පාද යාත්‍රාවේ

මේ මිහිමඬලේ
සාමයෙ මල් දම් ගොතනා
එකමුතු මිනිසුන් වෙසෙනා
ඒ මල් යායට
අප හා එනු මැන
පාද යාත්‍රාවේ
මේ මිහිමඩලේ

යුද බිම මල් අතුරා
ලොවම මලින් සරසා
මිනිස් සුගන්දේ සිත් ආනන්දේ
මිනිස් සුගන්දේ සිත් ආනන්දේ
ඒ මල් යායට එක්වනු මැන ඔබ
පාද යාත්‍රාවේ

මේ මිහිමඬලේ
සාමයෙ මල් දම් ගොතනා
එකමුතු මිනිසුන් වෙසෙනා
ඒ මල් යායට
අප හා එනු මැන
පාද යාත්‍රාවේ
මේ මිහිමඩලේ


ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
සංගීතය - රෝහණ වීරසිංහ
පද - ධර්මසිරි ගමගේ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Darshani Uthpala Nagahawatte

Comments

  1. ලස්සන සින්දුවක්.... බොහොම ස්තුතියි...

    ReplyDelete
  2. ලස්සන සින්දුවක්

    ReplyDelete
  3. ලස්සන සින්දුවක්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...