මා ආදරෙයි - අනිල් භාරතී | Ma adarei - Anil Bharathi


මා ආදරෙයි නංගියේ මා ආදරෙයි
මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ
නැලවී නැලවී හිනැහී හිනැහී
හදෙහි සැමදා පවතී //

ඔබේ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි
ඔබේ බොළඳ කතා අසන්නට මට හරි ආසයි //
සෙල්ලම් කරලා මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ
රතු වෙනවට ආසයි

මා ආදරෙයි නංගියේ මා ආදරෙයි
මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ
නැලවී නැලවී හිනැහී හිනැහී
හදෙහි සැමදා පවතී

සංඩු කරන්නට මා හා සැමදා හරි සූරයි
බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි //
පාඩම් කරලා මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ
රතු වෙනවට ආසයි

මා ආදරෙයි නංගියේ මා ආදරෙයි
මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ
නැලවී නැලවී හිනැහී හිනැහී
හදෙහි සැමදා පවතී


ගායනය - අනිල් භාරතී
සංගිතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන





වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika


Comments