ලොව නිසසල වී - නිරංජලා සරෝජිනී | Lowa Nisasala Wee - Niranjala Sarojini


ලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා

තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොදවී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිරවී ඇතිතුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන

ලොව නිසසල වී...

අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එකතැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන

ලොව නිසසල වී...

ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක



වීඩියෝව ගත්තෙ මෙතනින් - upul chinthaka

Comments

  1. මං ගොඩක් ආස සින්දුවක්...

    ReplyDelete
  2. ලස්සන සිංදුවක්..

    ReplyDelete
  3. මාර ලස්සන අදහසක්

    ReplyDelete
  4. ස්තූතියි මේ ගැන කතා කලාට....
    අදහස ගැන හිතෙන්නේ දෙන්නාගේ “ආදරේ ලොවට හොරෙන් තියන විට සුන්දරයි“ කියල නේද..??

    ReplyDelete
  5. එල................me siduwe me kotasa witrai mataka සැමදා ඔබයි මගේ ආදරනීය සුදූ (හීනෙන් පැතු මුතු)මේ සිංදුව දෙනවද

    ReplyDelete
    Replies
    1. උත්සහයක් දෙන්නම්....බලමු හොයාගන්න පුළුවන්වෙයි..!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...