ජීවන විල මැද - සුජාතා අත්තනායක | Jeewana Vila Meda - Sujatha Aththanayake


ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවති...//
තී මට තී මට කියමින් බිඟු කැල
ඇය අවටම රඟති...
ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවති...

ලහිරු රැසින් පිඹිදෙන පියුමින්
රොන් බී මත්වුන බඹරා..
මියුරු හඩින් කී ගී නවතා යයි
පියුමේ හද අඹරා..
නෑ එන පාටක් නෑ එන පාටක්
ලතැවෙයි පියුම අනේ...
ආ මට කෑමක් ආ මට කෑමක්
තවකෙක් බදිති සෙනේ...

ජීවන විල මැද...

අවරට යන හිරු සවසට බැස යයි
ගුම් නද දැන් නොඇසේ..
රසයට රැවටුනු නෙළුමට හැකිලෙයි
පුන්සද දැක අහසේ
ඒකයි දෛවය නෙළුමේ ඒකද
යුවතියගෙත් දෛවේ..
දාකයි දෙකකයි පමණයි විසිතුර
එය ජීවන මහිමේ...

ජීවන විල මැද...

ගායනය : සුජාතා අත්තනායක
පද රචනය : කරුණාසේන ජයලත්
සංගීතය : එම්. කේ. රොක්සාමි
“මහ රෑ හමුවූ ස්ත්‍රිය(1963)“ චිත්‍රපටයේ ගීතයක්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Nadeshwari Sujatha Attanayake


Comments

  1. මේක අන්තිම පදේ "දාකයි දෙකකයි පමණයි විසිතුර එය ජීවන මහිමේ" (මේ විසිතුර පවතින්නේ දවසයි දෙකයි කියන අදහසින්) වෙන්න ඕනේ....

    මම කැමතිම ගීතයක්, ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර...
      ඒ පදය කිහිප වතාවක් ඇහුවත් හිතුවේ ඔය විදියට කියල...එත් වැරදි ඇති කියලත් හිතුනා...ස්තූතියි නැවතත්..!

      Delete
  2. "ආ මට කෑමක් ආ මට කෑමක්
    තවකෙක් බදිති සෙනේ "meken කියවෙන හරි අදහස මොකද්ද කියන්නකෝ..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...