හිතක් තිබුණා - නදීක ගුරුගේ | Hithak thibuna - Nadeeka Guruge


හිතක් තිබුණා
මටත් පෙම් කරනා
හිතන් උන්නා
ඈ මගෙම කියලා
හිතුවෙවත් නෑ
ඈ යාවි යැයි හැරදා
ඉල් මහේ සඳ සේ
ඈ ගියා මැකිලා
ඉල් මහේ සඳ සේ
ඈ ගියා මැකිලා

කලක් තිබුණා
ඉමක් නොදකිනා //
අනත් සුවයක
පහස සොයනා
අද වසක් විසක් සේ
දැනුණාට ඔබට මා
අද වසක් විසක් සේ
දැනුණාට ඔබට මා

මහා කඳුලක
ළතැවුල් සඟවා //
පාළු අඳුරක
ගුලිව හිඳ මා
ඔබේ වදන් පිහිතුඩු
ඇන ගනිමි හැම රෑ
ඔබේ වදන් පිහිතුඩු
ඇන ගනිමි හැම  රෑ


ගායනය, සංගීතය - නදීක ගුරුගේ
ගී පද - චාමින්ද රත්නසූරිය




වීඩියෝව ගත්තෙ මෙතනින් - Music Plus Records

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...