ගංඟාවේ ගීතේ - ගුණදාස කපුගේ | Gangawe Geethe - Gunadasa Kapuge



ගංඟාවේ....ගීතේ..ගොළුවී ගියා දෝ...
ඔබ මා...හමුවේ...
පෙම්බස් දොඩනා යුගය නිමාවේ..
පෙම්බස් දොඩනා යුගය නිමාවේ..
ගංඟාවේ....ගීතේ..

ඔබ මුව මඬලේ මුතු හිනා වගේ..
දිය සරැලි ගඟේ ගලනා රඟේ...
මතකයේ වෙලී.....පැටලේ...
මල් බමර පැතුම විලසේ..
මල් බමර පැතුම විලසේ...
ගංගාවේ....ගීතේ...

ඒදණ්ඩ දිගේ පාපොඩිති නඟා...
නෙත් තුඩු අතරේ හමුවී දොඩා..//
මා ළයේ සඳා....නොමැකේ...
අරවින්ද කැකුළ විලසේ..
අරවින්ද කැකුළ විලසේ..
ගංගාවේ....ගීතේ...///

ගායනය, සංගීතය : ගුණදාස කපුගේ
පද රචනය : සුනිල් ආර්. ගමගේ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Rajitha Jayamini Withanachchi

Comments

  1. ගංගාවේ ගීතය කියන ටික දකිනකොට, ගායකයගෙ නම දකින්නෙ නැතුව එකපාරටම මතක් උනේ අබේවර්ධන බාලසූරිය මහත්මයගෙ 'ගංගා... එන්නකෝ ගංගා...' කියන සින්දුව...
    ලස්සන සින්දුවක්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අබේවර්ධණ බාලසූරිය මගෙත් ප්‍රියතම කැටගරියේ..
      ඔය ගීයත් ලඟදිම එකතු කරන්නම්කො...

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...