ඇතුල් හිතේ හිත පතුලෙම (අම්මා) - අසංක ප්‍රියමංන්ත පීරිස් | Ethul Hithe (Amma) - Asanka Priyamantha Peiris


ඇතුල් හිතේ හිත පතුලෙම
පරිස්සමින් හංඟා..
තුරුළු සුවේ සියුමැල්ලෙන්
පිරිමැද නිදිකරවා..
පතුල් පවා සිඹ සිඹ
නිදුකින් මා කර පින්නා..
නැළවිල්ලෙන් ආත්මයම
උණුහම් කල අම්මා..
මගේ අම්මා...

වචන රහිත දිගම පේන
ගීය කනේ රන්දා..
දුකින් තොරව දිවි ගෙවන්න
පාර කියුවේ අම්මා..
නැතිබැරි කම් හංඟා
ඇති දේ පිරිමහලා..
කවා පොවා හැදුවේ අම්මා..
ආත්මයම හැදුවේ අම්මා..

ඇතුල් හිතේ....

හරිම තැනින් පටන් ගන්න
කියා දුන්නු හින්දා..
හොදම දෙයක් කරන් යද්දි
සතුටු වෙන්නේ අම්මා..
සැප විදිනවා දැකලා..
හිස සිඹ සුභ පතලා..
හිනා වෙවී හැඬුවේ අම්මා..
ආත්මයම හැදුවේ අම්මා..

ඇතුල් හිතේ....

ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්
පද රචනය : කැළුම් ශ්‍රීමාල්
සංගීතය : රධීෂ් වැන්දබෝනා

වීඩියෝව ගත්තෙ මෙතනින් - LANKA MUSIC CHANNEL

Comments

  1. මට අසංක ප්‍රියමන්තගෙ ගිත එපාවුනේ විරිදු වගේ සිංදු කියන්න ගත්තට පස්සේ..එදා ඉඳන් අහන්නෙ නැ මෙයාගෙ සිංදු

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...