දුර ඈත වුවද ගතිනා - කරුණාරත්න දිවුල්ගනේ | Dura Etha Uwada Dakina - Karunarathna Diulgane


දුර ඈත වුවද ගතිනා..
ලඟ පාත නොවෙද සිතිනා..
ඇලපාත මුදලි මං..
මද හාස නගන් ගජමන් නෝනා..//

පුන්සඳ ලෙද කළුවර යහනේ..
පුන්සිසිවත කඳුළින් තෙමුනේ..//
තහනම් ද සතුට ලදුනේ..
මේ දුකද සැපයි - නුඹෙ හිතට කැපයි..
මද හාස නගන් ගජමන් නෝනා...

රන් රස සේ ගැලපෙන සේමා..
දුන් රස කව් රස විද බෝමා...//
නොබැදෙම් ද පෙමින් කෝමා..
අමනාප කිමැයි - උදහාස කිමැයි..
මද හාස නගන් ගජමන් නෝනා...

දුර ඈත වුවද ගතිනා...

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : යමුනා මාලිනී පෙරේරා


වීඩියෝව ගත්තෙ මෙතනින් - deerslayer110

Comments

  1. //දුර ඈත වුවද ගතිනා
    ලඟ පාත නොවෙද සිතිනා//

    ගතින් දුරස් වුණත් සිතින් ලඟයි කියන අරුතෙන්....

    ReplyDelete
  2. //රන් රස සේ ගැලපෙන සේමා..
    දුන් රස කව් රස විද බෝමා...//

    ReplyDelete
  3. ස්තූතියි වේවා...
    වෙනස් කලා...

    ReplyDelete
  4. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...