දැනෙන දුක් වේදනා - රොෂාන් ප්‍රනාන්දු | Danena Duk Wedana - Roshan Fernando


දැනෙන දුක් වේදනා - හිත අස්සෙ හිරකරන්
සැනසුනමක් නැති වෙලා ඔබ හින්දා රත්තරන්
ඔබ මගෙන් වෙන් වෙලා අද දුරට වී ගිහින්
මං හඬන හැටි දැක්කොතින් ඔබ හඬයි සත්තකින්

මං තරම් පෙම් කරපු වෙන කෙනෙක් නැති තරම්
දන්නවා නම් ඔයා වෙන්වෙන්නෙ නෑ මගෙන්
හිත හොයන උණුහුමත් නැති වෙලා අද ඉතින්
ආදරේ තරම් මා දන්නේ නෑ සත්තකින්...

දැනෙන දුක් වේදනා...

ජීවිතේ මම කියා කියූ හැටි ළඟ ඉඳන්
සිහිවෙලා හඬනවා තුන්යමේ නිදි වරන්
මට පුරුදු තනිකමින් මම යළිත් තනිවෙමින්
එනතුරා ඔබ ඉතින් බලන් ඉමි රත්තරන්

දැනෙන දුක් වේදනා...

ගායනය  : රොෂාන් ප්‍රනාන්දු


වීඩියෝව ගත්තෙ මෙතනින් - ananmananlk

No comments:

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...