අහස පොළව වටපිටාව - සුනිල් එදිරිසිංහ | Ahasa Polawa Watapitawa - Sunil Edirisinghe


අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬාවැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
නැහැනේ තනිකමක් //

කනට මිණක තරුවක රුව
නොපෙනුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මා
ඔබෙ සෙනෙහස ලබන තුරා

අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬාවැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
නැහැනේ තනිකමක්

විලක දොලක සුව නොලදිමි
ඔබ මා හා රැඳෙන තුරා
මලෙක සුවඳ ඇත මසිතේ
ඔබ මා ළඟ සිටින තුරා

අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬාවැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
නැහැනේ තනිකමක්


ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - යමුනා මාලිනී පෙරේරා



වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music

Comments

  1. මං හිතන්නෙ අතන 'ලොවක සිරිය නොදුටිමි මා - ඔබෙ සෙනෙහස දකින තුරා' කියලයි...

    ReplyDelete
  2. Obe senehasa labana thura kiyala tiyenne.. Nice work keep it up

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...