ආදරේම ගීතයක් - කසුන් කල්හාර | Adarema geethayak - Kasun Kalhara


නුඹ ළඟ මගෙ හිත රැඳුණාට
දින දින දින දැන් ගෙවුණාට
පණ නල වගේ ඔබ ළඟ මගේ
මගෙ හිත මගෙ හිත රැඳුණාට

ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ //

පෙර වාගේ හවසට
හැකිවුනොත් දවසක
හමුවෙලා ළංවෙලා ළංවෙලා
ඉන්නට දවසෙම ළංවීලා
ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා

ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ

නුඹ නොමැතී දවසක
හෙට ඇවිත් කුමකට
වැළපිලා වැළපිලා වෙන්වෙලා
බොරුවට කුමටද දුක් වීලා
නූපන් හෙට දින ගැන හිතලා

ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ ////


ගායනය - කසුන් කල්හාර
සංගීතය - රාජ්
ගී පද - ඉසුරු වීරසිංහ මුදලි





වීඩියෝව ගත්තෙ මෙතනින් - rajonlinelk

Comments

  1. මේ දවස් වල මම ආසම සිංදුවක්..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...