සිතින් සිනා සිසී - රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා | Sithin sina sisi athangili allala - Rookantha Goonathilaka, Chandralekha Perera


සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ
පුංචි ආදරේ කතන්දරේ

ආදරේ නමින්
දිලෙන පහනේ පහන් සිලේ
දීප්ති බින්දුවයි ඔබ නයනේ
ඒ පහන් වැටේ
එළිය අප හා සිනාසුණා
යොවුන් ලොවේ හැඟුම් සුන්දරයි

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ
පුංචි ආදරේ කතන්දරේ

රාත්‍රියේ රිදී
පොකුරු තරුවේ ඇඳී තියේ
රත්තරන් රුවින් පෙම් රේඛා
ජීවමාන වේ
සුවඳ හිරිමල් යොවුන් වියේ
පෙමේ සුසුම් පවා සුන්දරයි

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ
පුංචි ආදරේ කතන්දරේ

පුංචි ආදරේ කතන්දරේ
එන්න යන්න මල් මාවතේ
එන්න යන්න මල් මාවතේ
පුංචි ආදරේ කතන්දරේ


ගායනය - රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය - රූකාන්ත ගුණතිලක
ගී පද - අජන්තා රණසිංහ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Rukshan Karunanayake

Comments