සතර වරම් දෙවි මහරජ - ඩබ්ලිව්.ඩී. අමරදේව | Sathara waram devi maha raja - WD Amaradewa


සතර වරම් දෙවි මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන් //


පළා පෙති බැඳන් ගෙල වට
හංස පියාපත් සලමින //

නුඹේ පා යටින්
සඳකඩ පහණ පායලා
බ්‍රහස්පතී තාරකාව
මුදුන් වී සරත් නුබ ගැබ

ස්වර්ණමාලි මහ සෑ අග
කොත් පලන්දලා //


සතර වරම් දෙවි මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන්


කලා වැව් දියේ උත්පල
නෙලා ගෙනැ ඇඟිලි පොකුරට //

අප්සරාවියන් ලෙන් දොර
බලා හිඳිනවා
වළාහක දෙවිඳු
ඉසිවර ඇසින් බල බලා පුතු දෙස

ඉසුරුමුණි විහාරය ළඟ
අන්න හිඳිනවා //


සතර වරම් දෙවි මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන් //


ගායනය, සංගීතය - ඩබ්ලිව්.ඩී. අමරදේව
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ




වීඩියෝව ගත්තෙ මෙතනින් - rathnadeepaother

Comments

  1. ගීපොත ගෙනෙන හරේ... ඔබ ඇතුලු සියලුම දෙනාටත් සුබ නව වසරක් වේවා... හොඳ රසිකත්වයක් ඇති මිනිසුන් හමුවේවා....

    ReplyDelete
    Replies
    1. සෙම!
      ඇත්තටම ගී පැදුරෙ නිර්මාතෘ රසික තමා :D

      Delete
  2. What's the meaning of this song pls

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...