නළල වියලවා විගසින් - සේනානායක වේරලියද්ද | Nalala wiyalawa wigasin - Senanayaka Weraliyanna


නළල වියලවා විගසින්
තිලකයක් තියා අළුතින්
දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත්
තවම කෙහෙ රැළින් දිය වෑහෙනවා රාජිනී
ලපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී
දිලිහෙනව රාජිනී
දිලිහෙනව රාජිනී

දෙවොල් මළුවේ සුදු වැලි කැට
පුරුද්දට වගේ ගැන ගැන
සීනු හඬට කන් දෙන විට
පිරුණු හිත මුවින් උතුරන අපූරුව මැවේ
රාස්සිගේ අව් කෙඳි ටික
නාගදීපයට එපිටින්
මුහුදේ ගිලෙන විට සිහිලයි නොවේද රාජිනී
නොවේද රාජිනී
නොවේද රාජිනී

නළල වියලවා විගසින්
තිලකයක් තියා අළුතින්
දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත්
තවම කෙහෙ රැළින් දිය වෑහෙනවා රාජිනී
ලපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී
දිලිහෙනව රාජිනී
දිලිහෙනව රාජිනී

මඟ වසන වලා තිරපට
ඉරාගෙන උජාරුවකින්
බක් මහේ නැවුම් සඳවත
පෙරඹරින් නැගී එන හැඩ වියැක යන සේ
කතා කරන ඇස් වහගෙන
අගය පෙන්වනා විටදිත්
නුඹ තරම් සොඳුරු කවියක් නැහැනේ රාජිනී
නැහැනේ රාජිනී
නැහැනේ රාජිනී

නළල වියලවා විගසින්
තිලකයක් තියා අළුතින්
දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත්
තවම කෙහෙ රැළින් දිය වෑහෙනවා රාජිනී
ලපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී
දිලිහෙනව රාජිනී
දිලිහෙනව රාජිනී


ගායනය - සේනානායක වේරලියද්ද
තනුව - සේනානායක වේරලියද්ද
පද - නුවන් කුමාර කටුගම්පොල




වීඩියෝව ගත්තෙ මෙතනින් - lakwin perera

Comments

  1. “තිලකයක් තියා නලතින්“ යන්න “තිලකයක් තියා අළුතින්“ වශයෙන් නිවැරදි විය යුතුය.

    ReplyDelete
    Replies
    1. හිතලම අහන්න වෙනවා. තැන් කීපයකමත් එහෙම තිබුණ නිසා ඒක හරි කියලයි හිතුණෙ. හැදුව ඔන්න. ස්තූති වේවා!

      Delete
  2. හරී, ඕක වෙන්නෙ මෙහෙමයි. සමහර පැති වල අය 'අ' 'එ' 'ඉ' 'ඔ' 'උ' අකුරු වලින් පටන් ගන්න වචන ශබ්ද කරනකොට නිකන් සිංහල බිංදුව හෝ ඉංග්‍රීසි 'N' අකුරට හුරු ශබ්දයක් ඒක මුලට සන්ධි කරනවා. ඒ නිසා තමයි අයන්න වෙනුවට නයන්න වගේ ඇහෙන්නේ. අමරසිරි පීරිස්, වෙහෙරලියැද්ද ඔය දේ තදින්ම කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි... වේරලියද්දගෙත් වෙනත් සින්දුවල ඒ ගතිය අඩුයි. මේකෙ ඒ ස්ටයිල් එක අමුතුවෙන්ම දාල වගේ කියන්නේ... කොහොම වුණත් මේ සින්දුවෙ පද ගී පැදුරට දාන්න කලින් ඉඳන්මත් ඔය 'අළුතින්' කෑල්ල මට හරියට මීටර් වෙලා තිබුණෙ නෑ...

      Delete
  3. මට නම් අහෙන්නෙ ලල තින් කියන්න වගේ...(ලලනාවගෙ අතින්)

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...