නදීකාට මතක නැද්ද - සුනිල් ප්‍රනාන්දු | Nadeekata mathaka nadda - Sunil Fernando


නදීකාට මතක නැද්ද අපේ පුංචි කාලේ
සෙල්ලම් ගේ හදලා සුදු වැලි බත් උයලා
බෙලිකටුවට බෙදා දුන්නු ඒ ලස්සන කාලේ //

බොළඳ වියේ අප දෙදෙනා හරි අහිංසකයි
එක ඉත්තක එකට පිපුණු මල් දෙකක් වගෙයි //
සමනලයින් වාගෙ සැරසිලා
දුව පැන්නා එදා හිනැහිලා

නදීකාට මතක නැද්ද අපේ පුංචි කාලේ
සෙල්ලම් ගේ හදලා සුදු වැලි බත් උයලා
බෙලිකටුවට බෙදා දුන්නු ඒ ලස්සන කාලේ

ආදරයක මිහිරියාව හිතක තනි වුණේ
තුරුණු වියේ අප දෙදෙනා ඇයි දුරස් වුණේ
බාල වියේ පැතුම් ගොළු වෙලා
ඔය නෙත්වල කඳුළු බොඳ වෙලා

නදීකාට මතක නැද්ද අපේ පුංචි කාලේ
සෙල්ලම් ගේ හදලා සුදු වැලි බත් උයලා
බෙලිකටුවට බෙදා දුන්නු ඒ ලස්සන කාලේ //


ගායනය - සුනිල් ප්‍රනාන්දු
සංගීතය - අර්නස්ට් සොයිසා
ගී පද - හේමසිරි හල්පිට



වීඩියෝව ගත්තෙ මෙතනින් - Json Bharatha

Comments

  1. හේමසිරි හල්පිට ලියූ ගිතය සංගිතවත් කලේ අර්නස්ට් සොයිසා...

    මේ කලාකරුවා ඉන්නෙ මීගමුව කොච්චිකඩේ.මීට අවුරුද්දකට දෙකකට විතර කලින් එක්තරා දවසක මට අහම්බෙන් වගේ ජනප්‍රිය නමක් ඇති සුපර් මාකට් එකක් ළගදි මා ළගට ඇවිත් ඔහුගේ අතේ තිබුණ සීඩී එකක් මිලිදී ගන්නා ලෙස මගෙන් ඉල්ලුවා. මම එපා කියූ විට ඔහු
    තමන් කවුදැයි හඳුන්වාදී

    නදීකාට මතක නැද්ද අපේ පුංචි කාලේ
    සෙල්ලම් ගේ හදලා සුදු වැලි බත් උයලා
    බෙලිකටුවට බෙදා දුන්නු ඒ ලස්සන කාලේ

    මේ ගීය මුල්කොටස ගයා ඒ ගීය ගැයුවේ තමන් යැයි හඳුන්වා දුන්නා.

    දෙවරක් නොසිතාම සිඩී එක මිලදී ගත්තා. ලංකාවෙ කලාකරුවන්ගෙ ඉරනම ගැන පහල වුනේ අනුකම්පා සහගත සිතක්...

    ReplyDelete
    Replies
    1. හපොයි දෙයියනේ. එහෙමත් අසරණ වෙන්න පුළුවන්ද?

      මට මුලින් හිතුනෙ එහෙම. ඒත් සල්ලි බලගතු වීම එක්ක යනඑන මං නැතිවුණ තව කලාකරුවො බරගාණක් අතරින් එක්කෙනෙක් නේද මේ කියල පස්සෙ හිතුන.

      Delete
    2. මට කියන්න අමතක වුණා ඒ සීඩි එක නම් කරල තියෙන්නෙ "නදීකාට මතක නැද්ද" කියලා අපි ඒකාලේ අහපු බෙහෙවින්ම ජනප්‍රිය ගීත.

      කලාකරුවෙක් වුනත් මේවගේ ජනප්‍රියත්වය සහ මුදල ඉදිරියේ ජීවත්විම උදෙසා රැකියාවක් ගැන හිතන්න වෙනවා.....

      Delete
  2. නදීකාට මතක නැද්ද අපේ පුංචි කාලේ
    සෙල්ලම් ගේ හදලා සුදු වැලි බත් උයලා
    බෙලිකටුවට බෙදා දුන්නු ඒ ලස්සන කාලේ..
    "මම පොඩි කාලේ අහපු ප්‍රියතම ගීතයක්..මගේ පියාගේ හොද මිත්‍රයෙක් ගායනා කරන්නේ...
    සුනිල් ප්‍රනාන්දු.."...

    ReplyDelete
  3. 2022 AUGUST 14 MEYAGE SHOW EKAK THIYANAWA KOCHCHIKADE PULUWANNAM YANNA.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...