මගේ දෑස ඔබේ කියා - නන්දා පතිරණ | Mage desa obe kiya - Nanda Pathirana


මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා
මම සැනසෙනවා //

ආදරයේ අනන්ත මං තලාව ඔස්සේ
මගේ නුවන් ගමන් කලේ ඔබ පිටු පස්සේ //

මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා
මම සැනසෙනවා

ඔබේ අතින් නළලේ තැබූ කුංකුම තිලකේ
ඔබගේ රුව නොදැක සොවින් නළලත වැලපේ //

මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා
මම සැනසෙනවා

මගේ දෑස වැලපෙන උණුසුම් කඳුලැල්ලේ
ඔබේ දෙපා ගමන් කරයි හිතු සැනසිල්ලේ //

මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා
මම සැනසෙනවා //


ගායනය - නන්දා පතිරණ
සංගීතය -  ප්‍රේමදාස අතුකෝරල
ගී පද - ඩෝල්ටන් අල්විස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - lal san

Comments