කප් සුවහස් කල් - නන්දා මාලිනී | Kap suwahas kal - Nanda Malini


කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
අනන්ත බාධක දුක් පීඩා විඳ
භවෙන් භවය යන මං සළකුණු දැක
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා //

සත් සමුදුරු තරණය කර ආවා
සත්කුළු පව් අතරින් දිව ආවා
සත් සමුදුරු තරණය කර ආවා
සත්කුළු පව් අතරින් දිව ආවා
තරු එළියෙන් පියවර මැන ආවා
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
අනන්ත බාධක දුක් පීඩා විඳ
භවෙන් භවය යන මං සළකුණු දැක
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා

නොනිමෙන ගමනක ආශා පොදි බැඳ
මිරිඟුව පසුපස දිව යන ඉකි බිඳ
නොනිමෙන ගමනක ආශා පොදි බැඳ
මිරිඟුව පසුපස දිව යන ඉකි බිඳ
දිවි වෙණ වැයුමට ඔබ පසෙකින් හිඳ
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා


ගායනය - නන්දා මාලිනී
සංගීතය - ජයතිස්ස අලහකෝන්
ගී පද - කමලා කුලරත්න/ රත්න හෙක්ටර් දිසානායක

ගී පද ලියා ඇත්තේ ගාමින්ද ප්‍රියවිරාජ් මහතාගේ මව බව ඔහු පහත සබැඳියේ ඇති වීඩියෝවේ පවසයි

Comments

  1. මතකයන් අවදිකරවන ගීතයක්....

    සංගීත නිර්මාපකයාගේත් පද රචකයාගේත් නම් දැමීම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. පුළුවන් හැම වෙලේම විස්තර දානවා. ඒත් ඒ විස්තර හොයාගන්න තියෙන එකම මාධ්‍ය අන්තර්ජාලෙ විතරයි. ඉතිං අන්තර්ජාලෙ හෙව්වම හම්බවුණේ නැත්නං දාන්න විධියක් නෑ. සින්දු අහන, ඒ ගැන හොයන කවුරුත් තමන් දන්න දෙයක් කියන එක වටින්නෙ ඒ හින්දයි :D

      Delete
  2. මේ ගීතයේ රචකයා මෙයා නෙමෙයි. ගාමින්ද ප්‍රියවිරාජ් ගේ (පොඩි මල්ලිගෙ) අම්මා තමයි මේ ගීතය ලිව්වේ...

    ReplyDelete
    Replies
    1. මමත් ඒ වීඩියෝ එක දැක්කා. අපි බලමු හරියටම හොයාගන්න.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...