ජය සිරි මහ බෝධි - දයාරත්න රණතුංග | Jaya siri maha bodhi - Dayarathna Ranathunga


ජය සිරි මහ බෝධි
රන් වැලි සෑ ආදි
මිහින්තලය ඉසුරුමුණිය
අව්කණ සිරිපා ඉමේ
රන් රන් ගිරි දඹුලු ගලේ
සරණයි නිදහසට හෙලේ

අනුරපුරය පොළොන්නරුව
තිස්සමහාරාම නුවර
රුහුණු පිහිටි මායා රට
පවසයි නිදහස් උදාව

ජය සිරි මහ බෝධි
රන් වැලි සෑ ආදි
මිහින්තලය ඉසුරුමුණිය
අව්කණ සිරිපා ඉමේ
රන් රන් ගිරි දඹුලු ගලේ
සරණයි නිදහසට හෙලේ

මහවැලි කළු කැළණි නදී
ව‍ළවේ ගිං සිසිල දිදී
නිවහල් නව ගීත ගයයි
නවෝදයට අසිරි පතයි

ජය සිරි මහ බෝධි
රන් වැලි සෑ ආදි
මිහින්තලය ඉසුරුමුණිය
අව්කණ සිරිපා ඉමේ
රන් රන් ගිරි දඹුලු ගලේ
සරණයි නිදහසට හෙලේ

හැම ගහකම මල් පිපෙන්න
හැම තුරු වැල් පල දරන්න
තෙරුවන් සරණේ බලයෙන්
අප සිරි ලක රැක දේවා
අප සිරි ලක රැක දේවා


ගායනය - දයාරත්න රණතුංග



වීඩියෝව ගත්තෙ මෙතනින් - Ananda Liyanage

Comments