දෙතුන් වතාවක් - මිල්ටන් පෙරේරා | Dethuna wathawak - Milton Perera - sinhala lyrics


දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක් සොයා බලන්න
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න //

රුව දැක ගැන්මට පින් නැත දැන් මට
මතක් උනත් සන්තෝෂයි
කෙලින්ම සවනට රැගෙන ඔබේ හඩ
අහගන්නට හරි ආසයි //

දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි...

ඇසිපිය හෙලනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා
ඉකිබිඳ හඬනා කිරි දරුවකු මෙන්
මගෙ හදවත වැලපෙනවා //

දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි...


ගායනය - මිල්ටන් පෙරේරා
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කරුණාරත්න අබේසේකර



වීඩියෝව ගත්තෙ මෙතනින් - shower

Comments

  1. වටින කාර්යයක් ඔබ මේ කරන්නේ , බොහොම ලස්සන ගීත බැංකුවක්ම නිර්මාණය වී තිබීම සතුටක් ! ...ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! කණ්ඩායම වෙනුවෙන්ම.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...