ලං ලංවෙලා සිතින් මා - නොයෙල් රාජ් | Lan Lan Wela Sithin Ma - Noyel Raj


ලං ලංවෙලා සිතින් මා..
හොර රහසේ ගොළු වෙලා..
දැන දැනත් අහිමි බැව්
මා පෙම් කලා...
මේ පාළු ගිම්හානේ..
තනිකමයි මගෙ උරුමේ..
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා..

පැහැසර සිනාවෝ අද සුසුම් එවලා..
හොර රහසෙ ගියේ දෝ..
මේ දෑස හඬවාලා..
මේ පාළු ගිම්හානේ..
තනිකමයි මගෙ උරුමේ..
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා..

දුප්පත් කතාවෝ ඇති ලයේ රැස්වෙලා..
අහලා බලන්න එවා මතකද ඒවා..
මේ පාළු ගිම්හානේ..
තනිකමයි මගෙ උරුමේ..
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා..

ලං ලංවෙලා සිතින් මා...

ගායනය : නොයෙල් රාජ්
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : රධීශ් වැන්දබෝනා

සඳ නිදනා රෑ යාමේ - කීර්ති පැස්කුවල් | Sanda nidana re yame - Keerthi Pasquel


සඳ නිදනා රෑ යාමේ දිලෙනා තරු පොකුරේ
අරුන්දතී වූවාදෝ සරසා දිවි ගමනේ
මුදු පවනේ තණ පලසේ වැතිරෙමි ඔබ තුරුලේ
සසර පුරා ආවාදෝ දැවටී හසරැල්ලේ

කදුළ නිවා මිහිර ගෙනා මසිත පුරා රැඟූ
කොඳ කැකුලේ මගේ සිහිනේ මල් පිපිනා දිනේ
නෙත රැදුනේ රූ වරුණේ සනසා සිත මාගේ
මහද විලේ පිපුණාදෝ මල් කැකුළී මාගේ

නෙතු කැල්මේ රත ලවනේ මිහිර සදා රැ‍ඳේ
මලවි කුලේ කුමරියනේ මල්සර වෙමි ඔබගේ
මියෙන තුරා අතැර නොයා රැඳිලා මගෙ සෙවණේ
බැ‍ඳෙනු මැනේ පැතුව ලෙසේ මගේ රන් සමනළියේ

මියෙන තුරා අතැර නොයා රැඳිලා මගෙ සෙවණේ
බැ‍ඳෙනු මැනේ පැතුව ලෙසේ මගෙ රන් සමනළියේ
මගෙ රන් සමනළියේ

මගෙ රන් සමනළියේ


ගායනය - කීර්ති පැස්කුවල්
සංගීතය - මහේන්ද්‍රපැස්කුවල්
ගී පද - සුරම්‍ය මාපිටිය



වීඩියෝව ගත්තෙ මෙතනින් - HelaNada

පෙරුම් පිරුවෙ මම - අජිත් කුමාරසිරි, මදිවාදිනී | Perum piruwe mama - Ajith Kumarasiri, Madiwadini


පෙරුම් පිරුවෙ මම සමනළයෙක් වෙන්න
සිද්ධ වුණේ මට යුද සෙබළෙක් වෙන්න
සමනල්ලු ඉගිල්ලුණා යුද්ධය දිග හැරුණා
සමනල්ලු ඉගිල්ලුණා යුද්ධය දිග හැරුණා

මම නිදාගත්තෙ නෑ හීන දැක්කා විතරයි
කඳුළු ආවේ නෑ ලේ ගැලුවා මතකයි
සින්දු කිව්වෙ නෑ වෙඩි තිබ්බා විතරයි
හොඳම සොල්දාදුවා මමයි

පෙරුම් පිරුවෙ මම සමනළයෙක් වෙන්න
සිද්ධ වුණේ මට යුද සෙබළෙක් වෙන්න
සමනල්ලු ඉගිල්ලුණා යුද්ධය දිග හැරුණා
සමනල්ලු ඉගිල්ලුණා යුද්ධය දිග හැරුණා

ඈත ඉඳන් බලන් ඉන්න අය ත්‍රිල් ගන්න
සටන් බිම හරිම භයානකයි මං වින්ද
වෙඩි සද්දෙට
කුරුල්ලෝ බය වෙන හැටි හොඳටම දන්න
හොඳම සොල්දාදුවා මමයි


ගායනය - අජිත් කුමාරසිරි, මදිවාදිනී
සංගීතය, ගී පද - අජිත් කුමාරසිරි
චන්ද්‍රන් රත්නම්ගේ 'අලිමංකඩ' චිත්‍රපටියෙන්

මේ ගීතයේ දෙමළ පද ලියා දිය හැකි මිතුරෙක් සිටී නම් කමෙන්ටුවක් දැමීමට කාරුණික වන්න




වීඩියෝව ගත්තෙ මෙතනින් - msiri perera

නෙතු දැහැන් බිඳී - එඩ්වඩ් ජයකොඩි | Nethu dahan bindi - Edward Jayakodi


නෙතු දැහැන් බිඳී
හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනෙහසින් වැදී
සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී

ඝණදුරෙන් මිදී
තරු ‍රැහැන් ඇදී
සිහිනයෙන් වඩී කුමරී
මීදුමෙන් ඇදී
සිසිලසින් එතී
නෙතු අගින් බලයි සොඳුරී

නෙතු දැහැන් බිඳී...

හසඟනන් පිරී
පෙති පියුම් ඇරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැලුම් රිදී
තුරු අගින් මිදී
නෙක දසුන් මවයි කිඳුරී

නෙතු දැහැන් බිඳී...


ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - කළණි පෙරේරා
ගී පද - සරත් ආනන්ද ඩිරෙක්ස්





වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

මැණිකේ සුදු මැණිකේ - ඇනස්ලි මාලෙවන, මූන්ස්ටෝන්ස් | Manike sudu manike - Annesley Malewana, Moonstones

මැණිකේ සුදු මැණිකේ
මැණිකේ පැතුම් මගේ
හදවතේ සුසුම් නිම වුණා මගේ
සිහින ලොව පිබිදුණා මගේ
හදවතේ සුසුම් නිම වුණා මගේ
සිහින ලොව පිබිදුණා මගේ

කුඹුරේ පහළ කුඹුරේ
කුඹුරේ කරල් පැසේ
මද සුළං හමා නැලවුණා වගේ
කොමල පා යුග නගනු පෙනේ
මද සුළං හමා නැලවුණා වගේ
කොමල පා යුග නගනු පෙනේ

සඳෙහි සුපුන් ස‍ඳෙහි
ස‍ඳෙහි කැළුම් වගේ
හද මගේ සදා ඔබ වෙතේ පුදා
සිතෙහි නව රස පිරි ඉතිරේ
හද මගේ සදා ඔබ වෙතේ පුදා
සිතෙහි නව රස පිරි ඉතිරේ

මැණිකේ සුදු මැණිකේ
මැණිකේ පැතුම් මගේ
හදවතේ සුසුම් නිම වුණා මගේ
සිහින ලොව පිබිදුණා මගේ
හදවතේ සුසුම් නිම වුණා මගේ
සිහින ලොව පිබිදුණා මගේ

කුඹුරේ පහළ කුඹුරේ
කුඹුරේ කරල් පැසේ
හද මගේ සදා ඔබ වෙතේ පුදා
සිතෙහි නව රස පිරි ඉතිරේ
හද මගේ සදා ඔබ වෙතේ පුදා
සිතෙහි නව රස පිරි ඉතිරේ


ගායනය - ඇනස්ලි මාලෙවන, මූන්ස්ටෝන්ස්
සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන




වීඩියෝව ගත්තෙ මෙතනින් - saskia.s

හරිත වන රේඛාව - කසුන් කල්හාර | Haritha Wana rekawa - Kasun Kalhara



හරිත වන රේඛාවෙන් වර්ණ ගෙන
වියමනක් කරන්න ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න

ගලන ගංගාවෙන් සුසර ගෙන
අමුණන්න ගීයක් ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න


ගායනය, සංගීතය - කසුන් කල්හාර
ගී පද - චාමින්ද රත්නසූරිය




වීඩියෝව ගත්තෙ මෙතනින් - djceylon

රුවන්මාලි - ක්‍රිස්ටීන් ගුණවර්ධන, ලා සිලෝනියන්ස් | Ruwanmali - Christine Gunawardena, La Ceylonians



ඉඳුනිල් මිණි කැට පරදවන
ඇගේ නෙත් යුවළින් කැලුම් විහිදුන
සිහිනිඟ සුඟ ගත හැකි මිටින
ඒ තොල් නා දලු පරදවන
ඒ තොල් නා දලු පරදවන //
මාලි... රුවන්මාලි...
මාලි... රුවන්මාලි...
මාලි... රුවන්මාලි...
මාලි...

කම්මුල් රත් පැහැයෙන් යුතුය
නිල්වන් වරලස සිත්කළුය
මුතුවන් දත් පෙළ හරි හැඩය
ඇගෙ රුව අමතක නොවෙයි මට
ඇගෙ රුව අමතක නොවෙයි මට
මාලි... රුවන්මාලි...
මාලි... රුවන්මාලි...
මාලි... රුවන්මාලි...
මාලි...

ඉඳුනිල් මිණි කැට පරදවන
ඇගේ නෙත් යුවළින් කැලුම් විහිදුන
සිහිනිඟ සුඟ ගත හැකි මිටින
ඒ තොල් නා දලු පරදවන
ඒ තොල් නා දලු පරදවන
මාලි... රුවන්මාලි...
මාලි... රුවන්මාලි...
මාලි... රුවන්මාලි...
මාලි...


ගායනය - ක්‍රිස්ටීන් ගුණවර්ධන
සංගීතය - ලා සිලෝනියන්ස්
ගී පද - නොයෙල් රණසිංහ



ගීතය අහන්න - Indunil Mini Keta ( Mali Ruwan Mali ) - Christine Gunawardena
මුල් අනුවාදය - Ruwanmali - La Ceylonians

විස්තර 1
විස්තර 2
විස්තර 3

මගෙ ආදරේ තරම් - චන්දන ලියනාරච්චි | Maga adare tharam - Chandana Liyanarachchi

මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම් දන්නවනම්
ඇයි කඳුලු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම්
මම දුන්නු පෙම් හැඟුම්
මම දුන්නු පෙම් හැඟුම් නෑ යලි අරන්
නොහඬන්න මා ආදරෙයි රත්තරන්

අහම්බෙන් ඇවිත් ළං වෙලා
වෙනස් කළා මගෙ ජීවිතේ
දුරස් වුණොත් ඔබ නොසිතනා ලෙසින්
මියැදේවී මා ඔබ නැති වුණොත් සොවින්

මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම් දන්නවනම්
ඇයි කඳුලු ඇස් දෙකේ ඔය තරම්

හීන් ඇස් වලින් බල බලා
මතක් කළා මට ආදරේ
දුරස් උනොත් ඔබ නොසිතනා ලෙසින්
මියැදේවී මා ඔබ නැති උනොත් සොවින්

මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම්
මගෙ ආදරේ තරම් දන්නවනම්
ඇයි කඳුලු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම්
මම දුන්නු පෙම් හැඟුම්
මම දුන්නු පෙම් හැඟුම් නෑ යලි අරන්
නොහඬන්න මා ආදරෙයි රත්තරන්


ගායනය - චන්දන ලියනාරච්චි
සංගිතය - ප්‍රියන්ත නාවලගේ
ගී පද - ෂෙහාන් ගලහිටියාව


අතිනත අරන් යන විට - සංඛනී එදිරිසිංහ | Athinatha Aran Yanavita - Sankani Edirisinghe


අතිනත අරන් යන විට සෙමින්..
නව නෑසියන් සමඟින් මෙසේ..
මංගල සිලෝ හඩ අභිබවා මට..
නුඹේ මෘදු කටහඩ ඇසේ..
පියානෙනි...
ඔබේ ඇමතුම් හඬ ඇසේ...

මඟ නොමඟ මේ යැයි කියා..
ජීවිතේ අග මුල සොයා..
ඔබ කියාදුන් මහඟු පාඩම
හදේ ගැඹුරුම තැන තියා..
මගේ ඉරණම් ගමන මම යමි
ස්නේහයේ නව මං සොයා..

පන්නරය ලැබ ඔබ වෙතින්..
ජීවිතය සැකසුනු බැවින්..
පරපුරේ ගෞරවය රැකගෙන..
හිදින්නෙමි පතිනිය ලෙසින්..
දරු සෙනේ ඇට මිදුලු ගිනි බිද..
පවතිනා බව දනිමි මං..

අතිනත අරන් යන විට....

ගායනය : සංඛනී එදිරිසිංහ
පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය : රෝහණ වීරසිංහ

චන්ද්‍රමුඛී නුඹ නාඩන් - චින්තක ගීතදේව | Chandramuki Nuba Nadan - Chinthaka Geethadewa


චන්ද්‍රමුඛී නුඹ නාඩන්..
විත පුරවාගෙන දීපන්..
පෑනක් කොලයක් අරගෙන..
පාරොට ලියුමක් ලියපන්...//

ඉස්කෝලේ අටට පාස්..
සහතිකේට වෙයිද වහක්..
නුඹ නැතිදා කොහෙද රහස්..
මං බේබදු දේව්දාස්..

හිත පෑරෙනවාද පාරෝ..
අත් අරින්න බැරි ගීතේ..
සඳ නැතිදා වාගේ..
කළුවරමයි අහසේ..

චන්ද්‍රමුඛී නුඹ නාඩන්..
විත පුරවාගෙන දීපන්..
පෑනක් කොලයක් අරගෙන..
පාරොට ලියුමක් ලියපන්...//

ගායනය : චින්තක ගීතදේව

එකමත් එක දවසක - නිරංජලා මංජරී | Ekamath eka dawasaka - Niranjala Manjari

එකමත් එක දවසක
සිඳීගිය වැව් ඉවුරක
සරා සඳ එක්ක අපි උන්නා
අපිට අපි නොපෙනෙනා අඳුරේ
මට ඔබව දැනුණා
ඔබට මා දැනුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා

අහසේ ඈත කෙලවර
නිවි නිවී දිළෙනා
තරු පොකුරු වලට
අපි කවි කිව්වා
ජීවිතේ ගිම්හානයේ
අපි වස්සාන හීන මැව්වා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා

එකමත් එක දවසක
සාගරේ ලවැලි වෙරළක
අපි සිතිජ ඉමට
සිත් පා කෙරුවා
අතරමං වූ ජීවිතේ
අපි මඟ සලකුණු සෙව්වා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා

එකමත් එක දවසක
සිඳීගිය වැව් ඉවුරක
සරා සඳ එක්ක අපි උන්නා
අපිට අපි නොපෙනෙනා අඳුරේ
මට ඔබව දැනුණා
ඔබට මා දැනුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා
මතකද එදා ආදරය අපේ ළඟ තිබුණා


ගායනය - නිරංජලා මංජරී
සංගීතය - ලෙලුම් රත්නායක
ගී පද - චරිත් සේනානායක




වීඩියෝව ගත්තෙ මෙතනින් - Guerilla Filmmakers

ම‍ට දරාගන්න බැරි තරම් - නිශාන්ත ප්‍රදීප් | Mata daraganna beri tharam - Nishantha Pradeep

ම‍ට දරාගන්න බැරි තරම්
හිතට දුක අරන් ඔබ ආවා
මට හිතාගන්න බැරි තරම්
හද සුසුම් අරන් ඔබ ආවා

මග බලා සිටියා ඔබේ රුව සොයන්
සිත මුලා කල නොයෙක් දේ ගැන සිතන්
එකක් රැයක් ගෙවුණි කල්පයක් තරම්
හිත අළුත් වුණා සිත නොසිතු තරම්
ඔබ ආවා

ම‍ට දරාගන්න බැරි තරම්
හිතට දුක අරන් ඔබ ආවා
මට හිතාගන්න බැරි තරම්
හද සුසුම් අරන් ඔබ ආවා

හිරු දැවී ගිලුණා අඳුරු වූ ලොවයි
එය එළිය නම් සරා සඳනම් ඔබයි
හිත පුරා රැඳුණු සැනසුමත් ඔබයි
මට කියා දෙන්න ඔබෙ සිතම තමයි
ඔබ ආවා

ම‍ට දරාගන්න බැරි තරම්
හිතට දුක අරන් ඔබ ආවා
මට හිතාගන්න බැරි තරම්
හද සුසුම් අරන් ඔබ ආවා


ගායනය - නිශාන්ත ප්‍රදීප්



වීඩියෝව ගත්තෙ මෙතනින් - Guerilla Filmmakers

මටම මම - කුෂාණි සඳරේඛා | Matama mama - Kushani Sandareka

මටම මම අවනත නොවී
නුඹට බැඳී ප්‍රේමෙන්
යසට නිදිගත් රැය පුරාවට
අවධියෙන් වැලපෙම්
දිවා රෑ
නුඹ දනීදෝ
නොදනිදෝ //

නුඹ පුදන සෙනෙහස මෙපමණයි
හඳුනා ගන්නට හැකි වුනානම්
හංස පැටවෙකු මෙන්
නැතේ මෙපමණ විරහවක්
හද හිඳී නිදුකින්

මටම මම අවනත නොවී
නුඹට බැඳී ප්‍රේමෙන්
යසට නිදිගත් රැය පුරාවට
අවධියෙන් වැලපෙම්
දිවා රෑ
නුඹ දනීදෝ
නොදනිදෝ

මේ සුවය සිත පුබුදු කෙරුවයි
සැබෑ සුව වින්දෙ මගෙන්මයි
දෙඩුවෙ නුඹ රහසින්
නැතේ මෙපමණ විරහවක්
මතක අමතක නම්

මටම මම අවනත නොවී
නුඹට බැඳී ප්‍රේමෙන්
යසට නිදිගත් රැය පුරාවට
අවධියෙන් වැලපෙම්
දිවා රෑ
නුඹ දනීදෝ
නොදනිදෝ


ගායනය - කුෂාණි සඳරේඛා
සංගීතය - කසුන් කල්හාර
ගී පද - අරුණ කිත්සිරි




වීඩියෝව ගත්තෙ මෙතනින් - ElaKiri

අමා ගඟ ගලාලා - ඩබ්.ඩී. අමරදේව | Ama ganga galala - WD Amaradewa


අමා ගඟ ගලාලා
අවා ගිනි නිවේවා
භවේ ශෝක පීඩා
එයින් සංසි‍ඳේවා
එයින් සංසි‍ඳේවා //

සංසාර භය පතර
සංහාර කොට දුරැර //
ප්‍රඥාවේ මිණි පහන ඇවිලී
අඥාන ඝණ තිමිර දුරලී
අඥාන ඝණ තිමිර දුරලී

අමා ගඟ ගලාලා
අවා ගිනි නිවේවා
භවේ ශෝක පීඩා
එයින් සංසි‍ඳේවා
එයින් සංසි‍ඳේවා //

සන්තාප දුක සිඳින
නිර්වාන සැප සැදින //
දුරු වී ලොවේ ලෝභ තණ්‌හා
පැරදී කෙලෙස්‌ මාර සේනා
පැරදී කෙලෙස්‌ මාර සේනා

අමා ගඟ ගලාලා
අවා ගිනි නිවේවා
භවේ ශෝක පීඩා
එයින් සංසි‍ඳේවා
එයින් සංසි‍ඳේවා //


ගායනය, සංගීතය - ඩබ්.ඩී. අමරදේව




වීඩියෝව ගත්තෙ මෙතනින් - wjsnax

රත් සර කැකුළ රකින්නම් - කසුන් කල්හාර, නෙලූ අධිකාරි | Rathsara kakula rakinnam - Kasun Kalhara, Nelu Adhikari



රත් සර කැකුළ රකින්නම්
ආදරයේ සුවඳ විඳින්නම්
ජීවිතයේ
පිංසර පැතුම පතන්නම්
මේ භවයේ එළිය ලබන්නම්
ජීවනයේ

දෙනෝදහක් අතරේ ආ මඟ
හිත නතර වුනේ ඔබ ළඟ
ඔබ ඇසින් ගලනා ආදර ගඟ
සිහිලැල්ලේ පිහිනා යමි මම

ප්‍රභාතයෙන් නැගෙනා මේ හඳ
පිපි අහස උනේ ඔබ වත
රන් රුවන් හැර ආ මේ හද
ඔබගේම නොවේදෝ කිව මැන

රත් සර කැකුළ රකින්නම්
ආදරයේ සුවඳ විඳින්නම්
ජීවිතයේ


ගායනය - කසුන් කල්හාර, නෙලූ අධිකාරි

සිංදූර් ටෙලි නාට්‍යයෙන්



වීඩියෝව ගත්තෙ මෙතනින් - Miranja Sameera

නිල් උපුලී මල් කැකුළී - කීර්ති පැස්කුවෙල් | Nil upuli mal kakuli - Keerthi Pasquel


නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී
මගේ සිතේ සැංගී නොයේ
මිහිරාවියේ ආදරේ
නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී

මා ජීවිතේ සංවේදනා
පාවිලා යාවී මල් මී වැහේවී //
ආරාධනා ඉඟි පෑවාදෝ
දෑසින් කියා පෙම් සුවේ

නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී

මාගේ ළයේ පෙම් කල්පනා
නෑවීලා යාවී ඉන් මා සෑහේවී //
ආයාචනා ඉඟි පෑවාදෝ
පෑහෙන්න මේ මල් ලොවේ

නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී


ගායනය - කීර්ති පැස්කුවෙල්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

මල් සිනා සලන්න - ආත්මා ලියනගේ | Mal sina salanna - Athma Liyanage

මල් සිනා සලන්න මල් සිනා
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් බලන්න මා දිහා
මල් සිනා සලන්න මල් සිනා
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන්
ආදරෙන් බලන්න මා දිහා

මල් පිපී පිපී රඟන්නෙ සිත් ලෙසේ
සුළඟේ වෙළී
ලස්සනයි මලේ සැලේ නිසන්සලේ
රෝස මල් වනේ //

මල් සිනා සලන්න මල් සිනා
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් බලන්න මා දිහා
මල් සිනා සලන්න මල් සිනා
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන්
ආදරෙන් බලන්න මා දිහා

ඉන්න එක්වෙලා නොයන්න වෙන් වෙලා
පියාසලා
ආදරෙයි කියා කියන්න ළං වෙලා
සිනාසලා //

මල් සිනා සලන්න මල් සිනා
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන් බලන්න මා දිහා
මල් සිනා සලන්න මල් සිනා
තාරුකා දිලෙයි ඈත පායලා
ආදරෙන්
ආදරෙන් බලන්න මා දිහා


ගායනය - ආත්මා ලියනගේ




වීඩියෝව ගත්තෙ මෙතනින් - ire silva

මල් හිනා නගන්න - ඇන්ජලින් ගුණතිලක | Mal hina naganna - Anjalin Gunathilaka

මල් හිනා නගන්න සුසුදු ආදරේ
ළං වුණා වසන්ත කාලෙ ජීවයේ //
ආදරේ

ගයන ගයන ගීතයේ
වයන වයන තාලයේ //
මහද ඔබට මධුර තතකි
මිහිරිය මුදු ජීවිතේ

මල් හිනා නගන්න සුසුදු ආදරේ
ළං වුණා වසන්ත කාලෙ ජීවයේ
ආදරේ

බලන බලන බැල්මෙනි
නගන නගන කැල්මෙනි //
මහද විමන ඔබට පහන
කරමි අඳුරු ජීවිතේ

මල් හිනා නගන්න සුසුදු ආදරේ
ළං වුණා වසන්ත කාලෙ ජීවයේ
ආදරේ

පිපෙන පිපෙන මල් ලතා
කියන කියන පෙම් කතා //
අපගෙ මිහිරි මතක සිහින
සැබෑ කරයි ආදරේ

මල් හිනා නගන්න සුසුදු ආදරේ
ළං වුණා වසන්ත කාලෙ ජීවයේ //
ආදරේ


ගායනය - ඇන්ජලින් ගුණතිලක




වීඩියෝව ගත්තෙ මෙතනින් - periwinklelk

කල්බලා පිපුනා - සුනිල් එදිරිසිංහ, සංඛනී එදිරිසිංහ | Kalbala Pipuna - Sunil Edirisinghe, Sankani Edirisinghe



කල්බලා පිපුනා පුංචි තරුවක්..
සඳ ලඟින් අහසේ..
ඒ තාරකාවක් සඳක් වී..
ඔබේ දෑතේ බැදී අද දවසේ...

ඉඟිලිලා සමනල් හැඟුම්..
අරුණ ගෙන එයි නව පැතුම්..
අවදිවී නොපියූ නෙතින්..
සෙනෙහසේ මාවත සොයන්..

මල් සිනා වැට පීදිලා..
රොන් පිරී සුපහන් වෙලා..
තුන් සිතින් හිනැහී බලන්..
මං ඔබේ ලොව රජවෙලා..

කල්බලා පිපුනා...

සිව්දිසා පිං සෝදමින්..
එයි ගලා නොපහන් දසුන්..
නෑසුනා නොපිරූ ලෙසින්..
මුතු සරින් කව් ගී ගයන්..

ඔබ නෙතේ ආලෝකයෙන්..
දිනූ ලොව විමසා බලන්...
ගෙවා ආ මඟ ඔබ රැදී..
මහා නුග තුර සේ ඉදී...

කල් බලා පිපුනා...

ගායනය : සුනිල් එදිරිසිංහ සමඟින් සංඛනී එදිරිසිංහ
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය : රෝහණ වීරසිංහ

බිම හොවාලා පාළු කන්ද (කළු කෙල්ල) - තුෂාර සුබසිංහ | Bima Howala Palu Kanda ( Kalu Kella) - Thushara Subasinghe ( All Right )


බිම හොවාලා පාළු කන්ද
හිත පුරාම සිහින ඇන්ද තී...
කළු වුනාට කාරි මන්ද
මට මනාප දේද සුන්දරී...//

නීල නෙතැති තී ලබන්ට
දේව වරම් මට ලැබෙන්න...//
භාර වෙයන් කිරි මවුන්ට
පාන සිතේ දුක නිවෙන්න...

බිම හොවාලා...

සිතේ තුරුළු වී නිදන්නට
හීන පැදුර දිග ඇරෙන්නට...//
තීගෙ සියළු ශ්‍රී වැදෙන්ට
භාර වෙයන් කළු මැකෙන්ට...

බිම හොවාලා...

ගායනය : තුෂාර සුබසිංහ(All Right)




දොඹ මල් කැලෑවේ - ගුණදාස කපුගේ | Domba Mal Kalawe - Gunadasa Kapuge


දොඹ මල් කැලෑවේ බමරුන් ගැයූ
කවියක් වගේ ආදරේ...
අත්වැල් බැඳන් යන්න - ලංවී ලඟින් ඉන්න..
සංසාර ගිරි දුර්ගයේ...//

රෑ පිණි පොදේ සීත මිටියාවතේ
මේ කේතකී මල් වනේ...
සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
දුක් දොරකඩින් හෙට දිනේ...

දොඹ මල් කැලෑවේ...

කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
හිනැහී දෙතොල් ඉරි තලා..
පෑතුන් සඳක් නිසරු අහසේ දිලේවා
කටුවැට උඩින් පාවෙලා...

දොඹ මල් කැලෑවේ...

ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : වසන්ත බණ්ඩාර දිසානායක
සංගීතය : ගුණදාස කපුගේ

මඟ බලනා ලඟ හිදිනා - දිල්ශාන් වීරසිංහ | Maga Balana Laga Hidina - Dilshan Weerasinghe (Hiru FM Anuththara Drama New Theme Song)


මඟ බලනා ලඟ හිදිනා..
ඔය හිත මගේ වෙලා..
මට දිවුරා මඟ අහුරා..
සුසුමක් කතා කරා..//

පපුතුරේ...ගැඹුරේ රැදී..
මැවෙනා...හැඟෙනා...හීනේ..ඔයා...//

යනෙන දිගු ගමනේ...
හෙවනැල්ල වෙන්නම්
මගේ හුස්ම දවටා...
නුඹ ලඟ තියන්නම්

පපුතුරේ...ගැඹුරේ රැදී...
මැවෙනා....හීනේ..ඔයා...//

මතක නැති සෙනෙහේ
ඇරඹුම සොයන්නම්
රැදෙන ඔය දිවියේ
වසන්තය වෙන්නම්

පපුතුරේ...ගැඹුරේ රැදී...
හැඟෙනා....හීනේ..ඔයා...//

මඟ බලනා ලඟ හිදිනා....

ගායනය : දිල්ශාන් වීරසිංහ
පද රචනය : රඛිත වාකිශ්ඨ
සංගීතය : තිලිණ රුහුණගේ

Hiru FM “අනුත්තරා“ තේමා ගීතය


මඟ බලා හඬන දෙනෙතේ - බාචි සුසාන් | Maga Bala Hadana Denethe


මඟ බලා හඬන දෙනෙතේ..
කඳුලැලි ඉහිරිලා ගලන මොහොතේ..
නොමැකෙනා මතක අපගේ..
තවමත් මැවෙනවා දකින සිහිනේ..

හදවතේ පෙරවගේ..
හද ගැස්මම ඔබයි අද මගේ...
ඇයි ලදේ ඔබ මගේ හැම..
හුස්මට පවා පෙම් කලේ...

කී කතා පෙරදා මුකුළු කර
සිහිවෙලා රහසේ...
වේදනා සඟවා තුරුළු කර
නැළවුනා අඳුරේ..

දාලා යන්නට බෑ ලැබුනු උණුහුම
හැරදමා සමුගෙන යන්න නම් මට
ඇයි මේ තරම් ලං වුනේ..
ඇයි මේ තරම් ලං වුනේ..

පෑ සිනා පෙඟුනා කදුළු මැද
කුරුටු ගෑ මතකේ..
පෑරුනා විදිනා දුකට හිද
කීරි ගෑ පපුවේ...

වාවගන්න බෑ තවම තනිකම
හීනෙකින්වත් නෑ යන්නෙ කිව් ඔබ
ඇයි මා කෙරෙන් වෙන්වුනේ...
ඇයි මා කෙරෙන් වෙන්වුනේ...

ගායනය : බාචි සුසාන්
පද රචනය : සජිත් චතුරංග
සංගීතය : කේෂාන් පෙරේරා


කිරි සයුරේ රැළි - ප්‍රියා සූරියසේන | Kiri Sayure Rali - Priya Suriyasena


කිරි සයුරේ රැළි - උතුරන හසරැල්
දෙතොලෙ මවාදී - හීන් සීරුවේ...
පිපෙන නෙළුම් මල් - පරිදි සියළු කල්
හද විල් තලාවේ - ඔබේ වත පෙනේ...

පළිඟු පලන්දා - ගෙල සරසාලා..
තිලකය ඇන්දා - නළලත පිසදා..
සේලය දවටා - ලැමහස තුරුලේ..
කවුරු නිසාදෝ...

කිරි සයුරේ...

මැණික් රිදී රන් - මා අත නැත්තේ..
උතුම් ආදරේ - පමණකි ඇත්තේ..
එය කවුරුත් නෑ - තව පිළිගත්තේ..
එය ඔබටයි දෝ...

කිරි සයුරේ...

ගායනය : ප්‍රියා සූරියසේන

සෙනෙහෙ සිතින් - ගුණදාස කපුගේ | Senehe Sithin - Gunadasa Kapuge - sinhala lyrics


සෙනෙහෙ සිතින් - සැනසිල්ලෙන්..
එක සිතිවිල්ලෙන්...
වෙමින් එකම මවකගෙ දරුවන්..
නුවන් පියෙන තුරා ඉදිමු අපි හසරැල්ලෙන්...//

එකම අහසකිනි කාටත් සෙවන සැදෙන්නේ..
පොළව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ..
එවන් පොළව මත යුධ වැද උරුම සොයන්නේ..
තරඟ වැදී නොමිනිස්කම් ඇයි මිනිසුන්නේ..

සෙනෙහෙ සිතින්...

බෙදුම් පවුරු සීමා මැද පිල් බැදගන්නේ..
තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ..
කෙනෙක් නසන මං සලසා කෙනෙක් දිනන්නේ..
ජීවත් වන ටික ඇයි මේ සටන් වදින්නේ...

සෙනෙහෙ සිතින්...

ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය : කුලරත්න ආරියවංශ


වීඩියෝව ගත්තේ මෙතැනින් : Sinhala Songs

මගේ සිහින මැදුරේ - ශම්මිකා අමානි | Mage Sihina Madure - Shammika Amani (Samanala Sandwaniya)


මගේ සිහින මැදුරේ..
විසල් සිහින අතරේ..
ඔබේ සිහින වේ නම්..
රැගෙන යන්න ඒවා....
දොසක් ආයේ නොතබනා..
අන්ධ අහස සේ...
අන්ධ අහස සේ...

පමා වී ඇවිත් උයනේ..
පිපෙන මල් නෙළා ගනු බෑ..
සිහින් පොද වැටී සැලෙනා..
සුමුදු පෙති සිඹිනු බෑ...සුමුදු පෙති සිඹිනු බෑ..

දයාවක් වගේ දැනෙනා..
හැඟීමක් තියේ නම්..
ඉකිගසා හඬනු බැරී...
දොම්නසක් පිරේ නම්..දොම්නසක් පිරේ නම්....

මගේ සිහින මැදුරේ...

ගායනය : ශම්මිකා අමානි
පද රචනය : ජයන්ත චන්ද්‍රසිරි
සංගීතය : දර්ශන රුවන් දිසානායක
සමනල සංධ්වනිය“ චිත්‍රපටයේ ගීතයක්


ගඟන සරන්නට කියා - ඉන්දික රුවන් | Gagana Sarannata Kiya - Indika Ruwan (Samanala Sandwaniya)


ගඟන සරන්නට කියා..
සිඳුනු අත්තටු හඬයි..
දිරාපත් කොළ තිබෙයි..
විඩාපත් මං වගෙයි..
විඩාපත් මං වගෙයි..

කඳු කිණි රුපු වගේ..
රැයට ඉඩ දී යලි
කල් කුසුම් ගෙනෙනා
සුවඳ සුළඟක් වී ඇවිත්
ඒ වුනත් සුහදේ..
විඩාපත් මං වගෙයි..///

සමනලුන් යන මගේ...
සිහින විසිරී ගියේ..
බිඳුනු සිත් ගෙනෙනා...
මිහිරි ගීයක් වී ඇවිත්
ඒ වුනත් සුහදේ...
විඩාපත් මං වගෙයි..///

ගඟන සරන්නට කියා..

ගායනය : ඉන්දික රුවන් (රූනි) ROONY
පද රචනය : ජයන්ත චන්ද්‍රසිරි
සංගීතය : දර්ශන රුවන් දිසානායක
සමනල සංධ්වනිය“ චිත්‍රපටයේ ගීතයක්

හිම දියවී හිමාලයේ - අමරසිරි පීරිස්, වසන්තා තිලකාංගනී | Hima Diyawee Himalaye - Amarasiri Peiris, Wasantha Thilakangani



හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..

සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා..

ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..

හිම දියවී හිමාලයේ...

මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා..

ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..

හිම දියවී හිමාලයේ...

ගායනය : අමරසිරි පීරිස් සමඟින් වසන්තා තිලකාංගනී
පද රචනය : ධම්මික බණ්ඩාර
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා


මා හඬනා කඳුළු ගලා - නන්දා මාලිනී | Ma Handana Kandulu Gala - Nanda Malini


මා හඬනා කඳුළු ගලා
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි...සිනාසුනේ ඇයි...

ඔබ දෙපසින් ගලා ගියේ
ඔබට හැඬූ කඳුළු නේද
මලක මෙලෙක තිබුනු හදක්
ගලක් කලේ ඇයි...ගලක් කලේ ඇයි..

මා හඬනා කඳුළු ගලා...

සියුමැලි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙනූ අසරණ මට
සතුරු වුනේ ඇයි...සතුරු වුනේ ඇයි...

මා හඬනා කඳුළු ගලා...
 
ගායනය : නන්දා මාලිනී


මා දෑසේ වේදනා - රෝයි පිරිස් | Ma dase wedana - Roy Peiris


මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා //

පෙරදා ඔබෙන් මෙමා
ලැබූ නුහුරු කල්පනා
සාගරය සේ එදා
ආදරය ගොනු කලා //
ඒ සිහින මව මවා
මා දෑස තෙත් කලා

මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා

මා ගයන ගීතයේ
රාවෙ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුලින්
ඔය දෑස තෙත් කලේ //
මේ ගීය ගැයුවේ මා
ඔබ රිදවනු නොවේ

මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා //
මා දෑසේ වේදනා


ගායනය - රෝයි පිරිස්
සංගිතය, ගී පද - නිහාල් ගම්හේවා



වීඩියෝව ගත්තෙ මෙතනින් - samsri1981

Related Posts Plugin for WordPress, Blogger...