පහසුවටත් වාසියටත් - සුනිල් පෙරේරා, ජිප්සීස් | Pahasuwatath wasiyatath - Sunil Perera, Gypsies
පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
නැතිනං හදල කියනවා
ගමරාළාගෙ එළ හරකෙක්
හොරකම් කල හරක් හොරෙක්
දුටු ගමයා කෑ ගැසුවා
'ඈ... කවුද කවුද කවුද මිනිහෝ
මගෙ හරක අරං යන්නෙ?'
'ඔහේගෙනං ඔහේ ගන්න
හොඳ නෑ නොවැ දොස් කියන්න'
'අනෙ මගෙ කට'
'හරකෙක් කොහෙද මා ළඟ
කඹයනෙ අල්ලං ඉන්නේ'
පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
නැතිනං හදල කියනවා
කිතුලක රා බොන්න හිතී
මිනිහෙක් කිතුලකට නැගී
අයිතිකරුට අසුවූවා
'ඕයි... කවුද ඩෝ ගස් බඩගාන්නෙ
පාන්දර ජාමෙ'
'තණකොල ඩිංගක් කපන්න
හිතුණා ගහ උඩට යන්න'
'තණකොල? ගහ මුදුණෙ?'
'ඒක තමයි...
තණකොල නෑ ගහ මුදුණේ
අනේ ඒකයි බිමට බහින්නේ'
පහසුවටත් වාසියටත් දැන
දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
නැතිනං හදල කියනවා
මරණව මම තඩි බළලා
වෙරි වූ මීයෙක් කියලා
බළලාහට මෙය ඇහිලා
'ඈ... මාව මරන්න තෝ?'
'කාපු බීපු වේලාවට
පුංචි විහිළුවක් කෙරුවට'
'විහිළු? හොඳ විහිළු'
'රාළහාමිලා වගේ අය
ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය'
පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
නැතිනං හදල කියනවා
නැතිනං මවල කියනවා //
නැතිනං පැනල දුවනවා //
සමහරු ගහල දුවනවා //
නැතිනං හදල කියනවා //
ගායනය - සුනිල් පෙරේරා, ජිප්සීස්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Pabitha Wishvajith
ලබැදි හිමිකරුවන්
ජිප්සීස්,
සුනිල් පෙරේරා
රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා - වොලී බැස්ටියන් | Ratak watinawa mage mawpiyo denna - Wally Bastian
රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා
දුකට සැපට පිහිට අපට වෙනව මෑණියෝ
දැක දැක මව් නොසලකන්නෙ රටේ මෝඩයෝ
දස මස කුසෙහි දරා ලේ කිරි කර පොවලා
දැඩිකල මගේ මෑණියෝ
දස මස කුසෙහි දරා ලේ කිරි කර පොවලා
දැඩිකල මගේ මෑණියෝ
දෑත දෙපය නොකඩා දැඩි කරපු අම්මට
දෝත නගා වඳිනව මම මගේ අම්මට
ලෙඩ දුක දෙක බැලුවා දිවා රෑ නිදිමැරුවා
මෙලොව දෙවියො මගේ මෑණියෝ
ලෙඩ දුක දෙක බැලුවා දිවා රෑ නිදිමැරුවා
මෙලොව දෙවියො මගේ මෑණියෝ
මව් වගෙ තව කෙනෙක් ඇත්ද මේ මනු ලෝකේ
මව් නැතිදා තේරේවී මව් නැති සෝකේ
නලවා බබෝ කියා බැලුවා නෙත නොපියා
සිහිවේ මව් මරණ මංචකේ
නලවා බබෝ කියා බැලුවා නෙත නොපියා
සිහිවේ මව් මරණ මංචකේ
කැලේ සිටින මුර්ගය ආදරෙයි පැටියට
යක්ෂයා වගේ සමහර පුතු රවයි අම්මට
බස් නොව බොරු මිතුරා ඇස් දෙක යයි පුපුරා
සත්තම්ඇයි නුඹේ අම්මට
බස් නොව බොරු මිතුරා ඇස් දෙක යයි පුපුරා
සත්තම්ඇයි නුඹේ අම්මට
ආදරය කරන කරන කෙල්ලට නම් පුදයි ජීවිතේ
පව් නේද මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ
මෝඩකම් අත්හැරලා මෙ වදන් සිතට අරං
සලකන්න මව්ගෙ ජීවිතේ
මෝඩකම් අත්හැරලා මෙ වදන් සිතට අරං
සලකන්න මව්ගෙ ජීවිතේ
මරුව ඇවිත් දඟලන කල පණ ගෙනයන්න
බේරගන්න බැරි තැන අඬගසති අම්මට
දරුවා වරෙන් කියා මරුවා අඬගහනව
පුතාගෙ සැර එවෙලෙට ඉවරයි
දරුවා වරෙන් කියා මරුවා අඬගහනව
දුවාගෙ සැර එවෙලෙට ඉවරයි
රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා
ගායනය, සංගීතය - වොලී බැස්ටියන්
පසු ගායනය - මැක්ස්වෙල් මෙන්ඩිස්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinura Pradeep Balasooriya
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා
දුකට සැපට පිහිට අපට වෙනව මෑණියෝ
දැක දැක මව් නොසලකන්නෙ රටේ මෝඩයෝ
දස මස කුසෙහි දරා ලේ කිරි කර පොවලා
දැඩිකල මගේ මෑණියෝ
දස මස කුසෙහි දරා ලේ කිරි කර පොවලා
දැඩිකල මගේ මෑණියෝ
දෑත දෙපය නොකඩා දැඩි කරපු අම්මට
දෝත නගා වඳිනව මම මගේ අම්මට
ලෙඩ දුක දෙක බැලුවා දිවා රෑ නිදිමැරුවා
මෙලොව දෙවියො මගේ මෑණියෝ
ලෙඩ දුක දෙක බැලුවා දිවා රෑ නිදිමැරුවා
මෙලොව දෙවියො මගේ මෑණියෝ
මව් වගෙ තව කෙනෙක් ඇත්ද මේ මනු ලෝකේ
මව් නැතිදා තේරේවී මව් නැති සෝකේ
නලවා බබෝ කියා බැලුවා නෙත නොපියා
සිහිවේ මව් මරණ මංචකේ
නලවා බබෝ කියා බැලුවා නෙත නොපියා
සිහිවේ මව් මරණ මංචකේ
කැලේ සිටින මුර්ගය ආදරෙයි පැටියට
යක්ෂයා වගේ සමහර පුතු රවයි අම්මට
බස් නොව බොරු මිතුරා ඇස් දෙක යයි පුපුරා
සත්තම්ඇයි නුඹේ අම්මට
බස් නොව බොරු මිතුරා ඇස් දෙක යයි පුපුරා
සත්තම්ඇයි නුඹේ අම්මට
ආදරය කරන කරන කෙල්ලට නම් පුදයි ජීවිතේ
පව් නේද මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ
මෝඩකම් අත්හැරලා මෙ වදන් සිතට අරං
සලකන්න මව්ගෙ ජීවිතේ
මෝඩකම් අත්හැරලා මෙ වදන් සිතට අරං
සලකන්න මව්ගෙ ජීවිතේ
මරුව ඇවිත් දඟලන කල පණ ගෙනයන්න
බේරගන්න බැරි තැන අඬගසති අම්මට
දරුවා වරෙන් කියා මරුවා අඬගහනව
පුතාගෙ සැර එවෙලෙට ඉවරයි
දරුවා වරෙන් කියා මරුවා අඬගහනව
දුවාගෙ සැර එවෙලෙට ඉවරයි
රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා
ගායනය, සංගීතය - වොලී බැස්ටියන්
පසු ගායනය - මැක්ස්වෙල් මෙන්ඩිස්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinura Pradeep Balasooriya
ලබැදි හිමිකරුවන්
මැක්ස්වෙල් මෙන්ඩිස්,
වොලී බැස්ටියන්
සංසාර පුරුද්දද මේ (සිහින වසන්තයක්) - අමල් පෙරේරා, ප්‍රබෝධා කාරියකරවන | Sansara puruddada me (sihina wasanthayak) - Amal Perera, Prabodha Kariyakarawana
සංසාර පුරුද්දද මේ
මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති
සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති
තුන් හිතකින් වත් නොසිතූ
එක බැල්මෙන් පැතුම් පැතූ
දෛවය පෙන් වූ පරිදී
හමුවීම අහම්බයකි
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැතී
සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ
සංසාර පුරුද්දද මේ
මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති
සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ
සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ
සංසාර පුරුද්දද මේ
මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති
සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ
ගායනය - අමල් පෙරේරා, ප්‍රබෝධා කාරියකරවන
සංගීතය - දිනේෂ් සුභසිංහ
සිහින වසන්තයක් ටෙලි නාට්‍යයෙන්
වීඩියෝව ගත්තෙ මෙතනින් - sur
ලබැදි හිමිකරුවන්
අමල් පෙරේරා,
ප්‍රබෝධා කාරියකරවන
තව දවසක් හමු වී - කීර්ති පැස්කුවෙල් | Thawa dawasak hamu wee - Keerthi Pasquel
තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ
මදපවනේ මුසු කෙරුවේ
යළි නොඑනා මතක අපේ
නිදි පැදුරේ ගෙවන පැයේ
සිහි කෙරුවා සුවඳ ඔබේ
ජිවිතේ පාළුයි මගේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ
ආදරේ ගීයක් වගේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ
ගායනය - කීර්ති පැස්කුවෙල්
සංගිතය - රදීෂ් වැන්දබෝනා
වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk
ලබැදි හිමිකරුවන්
M - රධීෂ් වැන්දබෝනා,
කීර්ති පැස්කුවෙල්
නීල නුවන් මානෙල් මල් - දේවානන්ද වෛද්‍යසේකර | Neela nuwan manel mal - Dewananda Waidyasekara
නීල නුවන් මානෙල් මල්
නීල නුවන් මානෙල් මල්
ඇයගේ වත පුන්සඳ වෙයි
ගමනින් නාලිය පරදන
ටිකිරි ලියා ටිකිරි ලියා
කළෙත් අරන් ලිඳට ගියා
කළෙත් අරන් ලිඳට ගියා //
කියඹු ලතා නළලෙ වැටී
කියඹු ලතා නළලෙ වැටී
නව රසයක් මූණෙ සැදී
කොමල පාන තියා තියා
ටිකිරි ලියා ටිකිරි ලියා
කළෙත් අරන් ලිඳට ගියා //
හිරු පිබිදෙයි ඔබ දකිමින්
මුළු ගම රසවෙයි මිහිරෙන්
විහඟ ගීත ගමේ සදා
ටිකිරි ලියා ටිකිරි ලියා
කළෙත් අරන් ලිඳට ගියා //
උදහැක්කේ වතුර සොයා
උදහැක්කේ වතුර සොයා
ටිකිරි ලියා ටිකිරි ලියා
කළෙත් අරන් ලිඳට ගියා
ලිඳ වටකර කබරගොයා
කකුල කාපි දියබරියා
නීල නුවන් මානෙල් මල්
නීල නුවන් මානෙල් මල්
ඇයගේ වත පුන්සඳ වෙයි
ගමනින් නාලිය පරදන
ටිකිරි ලියා ටිකිරි ලියා
කළෙත් අරන් ලිඳට ගියා
කළෙත් අරන් ලිඳට ගියා //////
ගායනය - දේවානන්ද වෛද්‍යසේකර
වීඩියෝව ගත්තෙ මෙතනින් - sudasingha
ලබැදි හිමිකරුවන්
දේවානන්ද වෛද්‍යසේකර
ගල්කිස්සෙ හෝටලෙ ළඟ - එම්.එස්. ප්‍රනාන්දු | Galkisse hotale langa - MS Fernando
ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
සර් හයිරිං කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
අයි නෝ කැන්ඩි රෝඩ්
අයි නෝ සීගිරිය රෝඩ්
අයි නෝ මඩකලපු රෝඩ්
අයි නෝ ගල්ඕය බෝඩ්
ටේක් යූ ටු ජෙම් මර්චන්ට්
දැට් ඉස් කහවත්ත රෝඩ්
ඇළහැර බකමූණේ
මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්
මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්
ගල්කිස්සෙ හෝටලෙ ළඟ...
අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට්
වී මස්ට් ගෝ යාල කැළේ
අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි
පාසිං මාතර නගරේ
අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි
අබවුට් පණාමුරේ
යූ කැන් සී බ්ග් ටෙම්පල්
ගොයින් ටු අනුරාධපුරේ
ගොයින් ටු අනුරාධපුරේ
ගල්කිස්සෙ හෝටලෙ ළඟ...
යුවර් වයිෆ් මැඩම් මිසිස්
කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්
අයි ගිව් හර් කැවුම් කොකිස්
ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්
අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ්
ලයික් ඊටින් ලුණු මිරිස්
මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස්
ඕල් සිලෝන් බයිල ටුවිස්ට්
ඕල් සිලෝන් බයිල ටුවිස්ට්
ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
සර් හයිරිං කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර් ///
ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
වීඩියෝව ගත්තෙ මෙතනින් - AudiXvi
විවර ඊ නිව්ස් අඩවියෙන් අපුටාගත් ඉංග්‍රීසි පදවැල්ද පහතින්
ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
sir hiring car
I know all the bar
all ceylon tour going
I give my car
all ceylon tour going
I give my car
I know kandy road
I know sigiriya road
i know madakalapu road
i know galoya board
take you to jem merchant
that is kahawaththe road
elahera, bakamoone
my friend menik load
my friend menik load
ගල්කිස්සෙ හෝටලෙ ළඟ...
I sow you wild elephant
we must go yala kale
I give you milk and honey
passing mathara nagare
I tell you good story
about panamure
you can see big temple
going to anuradhapure
going to anuradhapure
ගල්කිස්සෙ හෝටලෙ ළඟ...
your wife madam misis
calling and comeකො Please
i give her kawm kokis
lunch time food pokiris
i know better english
like eating lunu miris
my friend singer MS
all ceylon bila twist
all ceylon bila twist
ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
sir hiring car
I know all the bar
all ceylon tour going
I give my car
all ceylon tour going
I give my car
all ceylon tour going
I give my car ///
ආතර් අයියා හෝටලෙ ළඟ
සර් හයිරිං කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
අයි නෝ කැන්ඩි රෝඩ්
අයි නෝ සීගිරිය රෝඩ්
අයි නෝ මඩකලපු රෝඩ්
අයි නෝ ගල්ඕය බෝඩ්
ටේක් යූ ටු ජෙම් මර්චන්ට්
දැට් ඉස් කහවත්ත රෝඩ්
ඇළහැර බකමූණේ
මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්
මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්
ගල්කිස්සෙ හෝටලෙ ළඟ...
අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට්
වී මස්ට් ගෝ යාල කැළේ
අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි
පාසිං මාතර නගරේ
අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි
අබවුට් පණාමුරේ
යූ කැන් සී බ්ග් ටෙම්පල්
ගොයින් ටු අනුරාධපුරේ
ගොයින් ටු අනුරාධපුරේ
ගල්කිස්සෙ හෝටලෙ ළඟ...
යුවර් වයිෆ් මැඩම් මිසිස්
කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්
අයි ගිව් හර් කැවුම් කොකිස්
ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්
අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ්
ලයික් ඊටින් ලුණු මිරිස්
මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස්
ඕල් සිලෝන් බයිල ටුවිස්ට්
ඕල් සිලෝන් බයිල ටුවිස්ට්
ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
සර් හයිරිං කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර් ///
ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
වීඩියෝව ගත්තෙ මෙතනින් - AudiXvi
විවර ඊ නිව්ස් අඩවියෙන් අපුටාගත් ඉංග්‍රීසි පදවැල්ද පහතින්
ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
sir hiring car
I know all the bar
all ceylon tour going
I give my car
all ceylon tour going
I give my car
I know kandy road
I know sigiriya road
i know madakalapu road
i know galoya board
take you to jem merchant
that is kahawaththe road
elahera, bakamoone
my friend menik load
my friend menik load
ගල්කිස්සෙ හෝටලෙ ළඟ...
I sow you wild elephant
we must go yala kale
I give you milk and honey
passing mathara nagare
I tell you good story
about panamure
you can see big temple
going to anuradhapure
going to anuradhapure
ගල්කිස්සෙ හෝටලෙ ළඟ...
your wife madam misis
calling and comeකො Please
i give her kawm kokis
lunch time food pokiris
i know better english
like eating lunu miris
my friend singer MS
all ceylon bila twist
all ceylon bila twist
ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
sir hiring car
I know all the bar
all ceylon tour going
I give my car
all ceylon tour going
I give my car
all ceylon tour going
I give my car ///
ලබැදි හිමිකරුවන්
එම්.එස්. ප්‍රනාන්දු
මල් මල් මල් - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි | Mal mal mal - Chandrasena Hettiarachchi
මල් මල් මල් මල් මල් මල්
මල් මල් හසරැල් පාලා
නිල් නිල් නිල් නිල් නිල් නිල්
නීල නෙතු හඬවාලා
සිත් සිත් සිත් සිත් සිත් සිත්
සිතට දුක් ගිණි දීලා
පිටුපාලා යන්නේ නෑ
ඔයාව තනිකර දාලා
සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ
මං ඒ තරම් ආදරෙයි
සෙනෙහස වින්දා හද මල් පුබුදා
ඔබ මා තුරුලේ රන්දා
කඳුලැල් සුසුමන් ඈතට ඇදුනා
ඔබ මට හිමි වූ හින්දා //
සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ
මං ඒ තරම් ආදරෙයි
සිත් අහසේ දුටු සිනහා
පිරීතිරී යන හින්දා
මල් යායයි බිඟු රෑනයි
සිනාමනාවන් පෑවා //
සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ
මං ඒ තරම් ආදරෙයි
මල් මල් මල් මල් මල් මල්
මල් මල් හසරැල් පාලා
නිල් නිල් නිල් නිල් නිල් නිල්
නීල නෙතු හඬවාලා
සිත් සිත් සිත් සිත් සිත් සිත්
සිතට දුක් ගිණි දීලා
පිටුපාලා යන්නේ නෑ
ඔයාව තනිකර දාලා
සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ
මං ඒ තරම් ආදරෙයි
ගායනය, ගී පද - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
සංගීතය - රදීෂ් වැන්දබෝනා
වීඩියෝව ගත්තෙ මෙතනින් - ElaIdea
ලබැදි හිමිකරුවන්
L - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි,
M - රධීෂ් වැන්දබෝනා,
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
දේදුන්නේ පාට පාටින් - සනත් නන්දසිරි | Dedunne pata patin - Sanath Nandasiri
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවේ දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ //
ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
තුන්කල් දකිනා ඇල්මෙන් රඳනා
තන්හාවකින් ළං ළං වෙලා
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු...
රන් මෙවුලේ නෙත් රැඳේවි පා යුග්මේ නෙත් රැඳේවි
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
දෑතේ පැටලී කාමී ඇඳුරේ
කැන්දාගනී මෝහනය වී
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු...
ගායනය - සනත් නන්දසිරි
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගී පද - ප්‍රනීත් අභයසුන්දර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Hesandu Naveeja
හික්කඩුවෙහි තරුණ කෙල්ලො - විරිඳු | Hikkaduwe Tharuna Kello - Virindu
හික්කඩුවෙහි තරුණ කෙල්ලො
මා ගැන සැලකිලිමත් වී
හදිස්සි වුනු නිසා ඔහුන්
ඇත අද දින බොහො දුක්වී
කිව්වට දැන් මෙහෙම කතා
නැහැ තාමත් කෙනෙක් පතා...//
මේ වෙනකන් මම හිටියේ
බොහො සතුටින් බව හිතන්න
බලාපොරොත්තුවක් තිබෙයි
තවදුරටත් මෙහෙම ඉන්න
ආවට බොරු සෙනෙහෙ පපා
කරදර දෙන කෙල්ලො එපා...
ආවට බොරු සෙනෙහෙ පපා
වද දෙන කළු කෙල්ලො එපා...
සංසාරේ සරණ තුරා
සුදු කෙල්ලව හමුවන තුරු
ඇය වෙනුවෙන් ආදරෙ මං
පුද කරනවා මියයන තුරු
එන්න මගේ අත ඉල්ලා
බදිනෙමි පෙම් ඔන්චිල්ලා...//
හොද කෙල්ලක් හොයනා එක
කළුනික හොයනවා වාගෙයි
වදයක් නැහැනේ දෙයියනි
තනිකඩකම බොහොම අගෙයි
ආවට බොරු සෙනෙහෙ පපා
කරදර දෙන කෙල්ලො එපා...//
ආවට බොරු සෙනෙහෙ පපා
වද දෙන කළු කෙල්ලො එපා...
ලව්කරලා බදිනවා මං
බැහැ බැදලා ලව් කරන්න
පව් කරලා නැහැනේ මං
පුළුවනි කෙල්ලක් ලබන්න
නංගිල මේ ටික අහන්න
කපුකම් නම් එපා ඔන්න
තනිකඩ මට මෙහෙම ඉන්න
ආසයි මං කල් ගෙවන්න
එහෙම කෙනෙක් ඉන්නවා නම්
මා ගැන ඉඟි බිගි කරන්න..//
බොහොම හොදින් මා හමුවී
අයි ලව් යූ බව කියන්න...
ලබැදි හිමිකරුවන්
එම්.වී. ගුණදාස,
විරිදු
සුසුමන් පාවී - අතුල ශ්‍රී ගමගේ | Susuman pawi - Athula Sri Gamage
සුසුමන් පාවී හැඟුමන් යාවී
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී
නිසල සැඳෑවේ මේ ගං ඉවුරේ
දෙඩූ වරු ගණන් පෙම් පියසේ
සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ
සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ
පාළු මාවතේ මා තනි වී
සුසුමන් පාවී හැඟුමන් යාවී
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී
මතක සිහිනයේ මා හද රිදවා
තනි කර දා ඔබ යන්න ගියේ
කවදා හෝ ඔබ එන තුරු මා වෙත
කවදා හෝ ඔබ එන තුරු මා වෙත
තනි වී ඉන්නම් මා ළඳුනේ
සුසුමන් පාවී හැඟුමන් යාවී
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී
ආදර දෙවොලේ පිදු මල් පර වී ////
ගායනය - අතුල ශ්‍රී ගමගේ
වීඩියෝව ගත්තෙ මෙතනින් - sindulanthe
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී
නිසල සැඳෑවේ මේ ගං ඉවුරේ
දෙඩූ වරු ගණන් පෙම් පියසේ
සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ
සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ
පාළු මාවතේ මා තනි වී
සුසුමන් පාවී හැඟුමන් යාවී
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී
මතක සිහිනයේ මා හද රිදවා
තනි කර දා ඔබ යන්න ගියේ
කවදා හෝ ඔබ එන තුරු මා වෙත
කවදා හෝ ඔබ එන තුරු මා වෙත
තනි වී ඉන්නම් මා ළඳුනේ
සුසුමන් පාවී හැඟුමන් යාවී
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී
ආදර දෙවොලේ පිදු මල් පර වී ////
ගායනය - අතුල ශ්‍රී ගමගේ
වීඩියෝව ගත්තෙ මෙතනින් - sindulanthe
තටු දෙනවාදෝ - ජය ශ්‍රී | Thatu Denawado - Jaya Sri
තටු දෙනවාදෝ කිඳුරියේ ඔබ මට
ඉඟිලෙන්නම් සිහිනයේ ඉම සොයා
ඈතට පාවී ඈතට පාවී
යන්න මගේ කල්පනා
බොඳ වේවී ඔබෙ රුව බොඳ වේවී
සිතුවම් ඔබේ සිනා
දේදුණු පාට පාට ලෝකේ
තනි වෙමුදෝ තනි වෙමුදෝ
පාවෙන මංමත් සිහිනේ
හැර යමුදෝ හැර යමුදෝ
පාළු විජිතයේ අපි අද තනිවෙලා
ජීවිත කතරේ අතරමං වෙලා
ඔබේ දෙපා මුළ ඒ දෙපා මුළ
නැවතුනු මගේ ජීවේ
මෙලොවක් නැතිකර
තෙලොවක් යා කල
මගේ සොඳුරියේ
හමුවූ මුල්ම දිනේ
ලොවම නැවතුනා නැවතුනා
රැඳුණා හදේ රැඳුණා
සිත සැළුණා සැළුණා
පාළු විජිතයේ අපි අද තනිවෙලා
ජීවිත කතරේ අතරමං වෙලා
හැරදා යන්න මට තනි වන්න
මගේ කිඳුරියේ
අවසර දෙන්න මට අවදි වෙන්න
නොනිමෙනා සිහිනයෙන්
ගායනය, සංගීතය - ජය ශ්‍රී
වීඩියෝව ගත්තෙ මෙතනින් - malithlowe
සූර්ය නගරේ - අතුල අධිකාරි | Surya nagare - Athula Adhikari
සිලිලාර සිත නයනා
හර්දේ සිඹිනා
කෝල නීල වදනා
සවන පිනනා
මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී
දාහය නිවනා //
හද අරවින්දේ මතු
දවසක පිපුණාවේ
ගිනිගත් මේ නගරේ
අතැර නොයමු මා ප්‍රේමී
සිලිලාර සිත නයනා
හර්දේ සිඹිනා
කෝල නීල වදනා
සවන පිනනා
මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී
දාහය නිවනා
මුදු රාත්‍රියේ පිණි
ඇතිරුණු යහනාවේ
දුක් ගිනි වියැකේවී
සොදුරු නොවෙද මා ප්‍රේමී
සිලිලාර සිත නයනා
හර්දේ සිඹිනා
කෝල නීල වදනා
සවන පිනනා
මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී
දාහය නිවනා //
ගායනය - අතුල අධිකාරි
සංගීතය - ආනන්ද පෙරේරා
ගී පද - සමන් අතාවුදහෙට්ටි
වීඩියෝව ගත්තෙ මෙතනින් - Suneth Lanka
චාමර සැලුනාවේ - නීලා වික්‍රමසිංහ | Chamara Salunawe - Neela Wickramasinghe
චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ
පවන් සලා පවන් සලා
විඩා නිවා පවන් සලා
වළාකුලේ විමානයෙන්
සිනා සිසී පියාඹලා
චාමර සැලුනාවේ
චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ
උදාගිරේ පහන් වැටේ
කැළුම් පිපී දිලි දිලී
පුළුන් මලක් දැවී දැවී
සෝ සුසුම් නිවී නිවී
චාමර සැලුනාවේ
චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ
ගායනය - නීලා වික්‍රමසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
වීඩියෝව ගත්තෙ මෙතනින් - Dillina Herath
ලබැදි හිමිකරුවන්
M - ප්‍රේමසිරි කේමදාස,
නීලා වික්‍රමසිංහ
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් - සනත් නන්දසිරි | Nirwana swarna dwarayen - Sanath Nandasiri
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම් //
ක්ලේශ තාපයේ අනන්ත
වේදනා ජලේ //
නෞකාව දම් අමා වඳිම්
නමා නළල් තලේ
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම්
දෑගසවු රහත් බුදුන්
මා සිතින් පුදා //
වන්දාමි සඟරුවන් ගඳින්
මලින් බැතින් සදා
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම් //
ගායනය, සංගීතය - සනත් නන්දසිරි
ගී පද - අජන්තා රණසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - GayanRaja
ලබැදි හිමිකරුවන්
L - අජන්තා රණසිංහ,
M - සනත් නන්දසිරි,
බොදු ගී,
සනත් නන්දසිරි
මගෙ සුදු බෑණන්ඩිට - රෝහණ බැද්දගේ, බන්ධුල විජේවීර | Mage sudu bebandita - Rohana Beddage, Bandula Wijeweera

මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි
මගෙ බුදු මාමාණ්ඩිට ධම්මං සරණේ සරණයි
මගෙ සුදු බෑණන්ඩිට සංඝං සරණේ සරණයි
අනේ ඉතිං අපි දෙන්නට
මේ තුන් සරණේ සරණයි
බෑණන්ඩිට එන්න කියල යැවුවා මං පණිවුඩයක්
මාමණ්ඩී ඒ හින්දයි අවේ මං තකහනියක්
කලබල වෙන්න එපා හිත නරක් කර ගන්න එපා
සිද්ද වෙච්ච දේ කියන්නත් මොකක්ද වාගේ
අයියෝ මොන පිස්සුද කියන්න ඕන දෙයක්
කිසි වරදක් නැති මගෙ හිත මට විශ්වාසයි
ගමේ උන්නු හොඳ කොල්ලෙක් අහිමි වෙච්චි එක පාඩුයි
ඒකයි මට කණගාටූ
මාමණ්ඩිත් හොඳ මිනිහෙක් බෝධිසත්වයෙක් වාගෙයි
ඒකයි මට කණගාටූ
මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි
මගෙ බුදු මාමාණ්ඩිට ධම්මං සරණේ සරණයි
මගෙ සුදු බෑණන්ඩිට සංඝං සරණේ සරණයි
අනේ ඉතිං අපි දෙන්නට
මේ තුන් සරණේ සරණයි
සිදාදියෙන් මෙහි ආ ගිය ගැටයා දන්නවා නේද
අපොයි මොකද මං නොදන්නෙ මිනිහ හරිම හොඳයි නේද
අපි කළ දෙයක් නොවෙයි තරහ ගන්න එපා බෑණො
දෝනියන්ද ඌත් එක්ක පැනල ගිහිල්ලා
අයියෝ සුළු දෙයක්නෙ මමත් බල බලා උන්නෙ
මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා
ආදරයෙන් හදපු එකී ගෙදර උන්නු හොඳම එකී
ඒකයි මට කණගාටූ
ගේ දොර වැඩ නොදත් එකී ගත්තු මිනිහ අමාරුවේ
ඒකයි මට කණගාටූ
මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි
මගෙ බුදු මාමාණ්ඩිට ධම්මං සරණේ සරණයි
මගෙ සුදු බෑණන්ඩිට සංඝං සරණේ සරණයි
අනේ ඉතිං අපි දෙන්නට
මේ තුන් සරණේ සරණයි
ගායනය - රෝහණ බැද්දගේ, බන්ධුල විජේවීර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinura Pradeep Balasooriya
ලබැදි හිමිකරුවන්
බන්ධුල විජේවීර,
රෝහණ බැද්දගේ
ඔබ සොයාලා කකියනා නෙතින් (මගේ හිතේ) - ශෙහාන් කෞශල්‍ය | Oba Soyala (Mage Hithe) - Shehan Kaushalya

ඔබ සොයාලා කකියනා නෙතින් ඉවසුමක් නැතිවා..
හද හඬාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුනා..
ආයේ නොයෙන්න මා ගියත් පාළුවේ දමා..
මාගේ සිනා පාවුනා ඈත ගියදා එදා...
මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා..
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා..
හෙමිහිට මාගේ නෙතු ලඟ කදුලැලි රූරාලා..
හැමතැන වගේ ඔබේ රුව මැවි මැවී පායාලා..
වෙන්වුනත් මේ වාසනාවෙන් මා දුකක් දීලා..
ඉන්න බෑනේ පාළුවෙන් නම් සෝ තැවුල් ඉවසා..
ඉදහිට ආයේ හමුවෙලා දොඩමළු වී මා හා..
ඉදහිට වාගේ සැනසිලා මදකට ළං වීලා..
කවුරුවත් නෑ මේ තරම් නම් ආදරේ දීලා..
යන්නෙ නෑ මා හීනෙකින් වත් තාරුකා සොයලා..
මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා..
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා..
ඔබ සොයාලා කකියනා නෙතින්....//
ගායනය : ශෙහාන් කෞශල්‍ය
පද රචනය : සජිත් චතුරංග
සංගීතය : Amusync Entertainment
Music.lk
ලබැදි හිමිකරුවන්
L - සජිත් චතුරංග,
M - Amusync Entertainment,
ශෙහාන් කෞශල්‍ය
හමුවනා නෙත් - කවීශ කවිරාජ් | Hamuwena Neth - Kaveesha Kaviraj

හමුවනා නෙත් දහක් අතරින්
ඔබේ දෑසම සොයා ඇවිදින්
ඔබට මෙතරම් ලංව ඉන්නේ
නොලැබෙනා බව දැන දැනයි..//
ආයාලේ ගිය හීන අතරේ..
ගොඩ ගසා මහ වේදනා..
මමම විතරද පෙම් කරන්නේ
ආත්මය පරදුව තියා..
ඔබව හිමිවේ නම්
ඔයා අදහන්නම්
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා...//
හමුවනා නෙත්...
තෙතමනේ ඇති පපුව ගැඹුරේ
උනනවා පෙම් දිවිතුරා
අද ඉදන්වත් ඉමුද සෙනෙහෙන්
පුංචි වෙනසක් වත් එපා..
ඔබව හිමිවේ නම්..
ඔයා අදහන්නම්..
ආදරෙයි මං රත්තරනේ දැන්
නැතුව ඉන්නට බෑ ඔයා...//
හමුවනා නෙත්...
ගායනය : කවීශ කවිරාජ්
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : ඩිලාන් ගමගේ
ආලවන්ත නෙත් විදා(මුතු පලස) - දයාසිරි ජයසේකර | Ala Wantha Neth Wida(Muthu Palasa Drama) - Dayasiri Jayasekara

ආලවන්ත නෙත් විදා..
මන්දහාස නංවනා..
සඳකින්නරී සුන්දරී..
මුතුපලස මත දිදුලනා..
මනබන්දිනී නන්දිනී..
මුතු පලස මත හිනැහිලා..
සඳකැන් හොරෙන් මුව තවරලා
මල් මල් ගවුමකින් ගත සරසලා
ඉදිකඩ උඩින් තරුනෙත් වසා
මතකයි තවත් අපි හිනැහුනා..
මතකයි......තවත් ඔයා හිනැහුනා..
සිහිලැල් සුලං රැල්ලක එතී..
වනමල් උයන් හැරදා අප සිටී..
මතකෙන් මකා අපි පෙම්කල හැටි..
මතකයි ඔයා මං හැරගිය හැටි..
මතකයි.......තවත් ඔයා හිටිහැටී..
ආලවන්ත නෙත්විදා...
ගායනය : දයාසිරි ජයසේකර
පද රචනය : බුද්ධික කුලසේකර
සංගීතය :මාධව හේවාවසම්
“මුතුපලස“ ටෙලිනාටයේ තේමාගීතය
මම කැමතියි නෑනට - නෑනා කැමති නෑ මට | Mama Kamathi Nanata - Nana Kamathi Na Mata
ජයමංගල ගී තාලෙට..
පිඹ පිඹ බටදඬු නලා..
ජයපැන් බොන සෙබල රැලක්..
විලසට හඩ තල තලා..
රසකර මම පවසන්නෙමි..
මිණි කිංකිණි සොලවලා..
අසනු මැනවි අසනු මැනවි..
අසනු මැනවි තුටුවෙලා...
පරයන ඉඳුනිල් කැට..
දෙනෙතෙහි ඇති කැල්මට..
වසඟ නොවන් මෙහි කවුරුද..
නෑනගෙ එක බැල්මට..
මම කැමතියි නෑනට...//
මැල්ලුමකට වෙල් පළා..
නෙලන්න සිහිනිඟ සලා..
යන විට රණ මොණරි වගේ..
මගෙ හද කුල්මත් කළා..
මම කැමතියි නෑනට...//
පොත්ටික තුරුලට අරන්..
මුව මදහස රැලි පෙරන්..
පාසල් යන දෙවැට දිගේ..
නෑනා මගෙ රත්තරන්..
මම කැමතියි නෑනට...//
අඩසඳ වන් නළලතේ..
චන්දන තිළකය ඇතේ..
සිකිපිල වැනි වැනි කෙස් කළඹද..
කිතුල් රෑන පැරදෙතේ..
මම කැමතියි නෑනට..//
මුහුදෙහි රළ පෙල ගැසී..
ගමන සදිසි යන ලැසී...
ඇගෙයි මගෙයි ආදරයට..
ආසිරි මල් වැසි වසියි...
මම කැමතියි නෑනට...//
නහැඹුල් හද කිතිකැවී..
නව රසදුන් සරසවී..
මගෙ දුප්පත් පැලේ ඉන්න..
එනවද මධු මාධවී...
මම කැමතියි නෑනට...//
ඔබෙන් ලැබෙන තොත්තුවේ..
රසයට හද පත්තුවේ..
කිරි පැණියි වගේ ඉන්න..
එන්වද මගෙ වස්තුවේ..
මම කැමතියි නෑනට...//
කරදර බාධක මැද්දේ..
දිවි ගඟ පහලට ඇද්දේ..
ගල් පර දැක පෙරමුණේ..
මොන නදිය ද නැවතුනේ..
මම කැමතියි නෑනට...//
හසරැලි නැත්තම් මුහුණේ..
සිතුවිලි ලස්සන ද නැතේ..
වේදනාව නැති ලොවේ..
ජීවිත රසවත් නොවේ..
මම කැමතියි නෑනට...//
ගන්නට ඔබ වාඩුවක්..
නැහැ මට ඉන් පාඩුවක්..
හදමුද අපි කූඩුවක්..
වෙමුද පරවි ජෝඩුවක්..
මම කැමතියි නෑනට...///
ගායනය : සහන් ජයශාන්ත
(මුල් ගායනය සහ ගී පද - එම්. වී ගුණදාස)
වීඩියෝව ගත්තේ : Independent Television Network Sri Lanka
ලබැදි හිමිකරුවන්
එම්.වී. ගුණදාස,
විරිදු
තරු වෙරළේ - දමිත් අසංක, ගයන්ත විජේරත්න | Tharu Werale - Gayantha Wijerathne, Damith Asanka


තරු වෙරළේ සඳවත සේ..
හිත් අහසේ ඔබ පායා උන්නා..
හිනැහෙමු ඒ පුරහද සේ..
මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා..//
මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා..
හිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක් දැනුනා..
හොරෙන් ඇවිදින් පිණි කඳුලක් සිත් සායම් තිබ්බා..
සුවඳ විතරයි අතැඟිල්ලට හිමි නැතිදෝ මන්දා...
මගෙ ලඟ ඉඳන් ලොකු ඇස් පියන්
වස්සාවී හිත් යායේ වරුසා..
මිතුරේ මගේ නිල්මල් හීනේ..
සුරකීවා ඔය දෑස වගේ..//
තරු වෙරළේ සඳවත සේ..
මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා..
සුවඳ විතරයි අතැඟිල්ලට හිමි නැතිදෝ මන්දා...
මගෙ ලඟ ඉදන්.....
තරු වෙරළේ සඳවත සේ....
ගායනය : ගයන්ත විජේරත්න සමඟින් දමිත් අසංක
පද රචනය : ප්‍රියාල් වීරසිංහ
සංගීතය : ගයන්ත විජේරත්න
“රිදී සිත්තම්“ ටෙලිනාට්‍යයේ ගීතයකි
ලබැදි හිමිකරුවන්
ගයන්ත විජේරත්න,
දමිත් අසංක
කුංකුම චන්දන අංජන තවරා - විල්බට් ඇන්තනි | Kunkuma chandana anjana thawara - Wilbert Anthony
කුංකුම චන්දන අංජන තවරා
චාන්දනි සිනාසුනා
නළල පුරා තිලකය තියලා
මට ආදර බස් දුන්නා //
මා හද සනසන්නී
බැඳි ආලය පවසන්නී
බැඳි ආලය පවසන්නී
මා හද සනසන්නී
සීතල පවනට මුසු වීලා
ගයනා ගී හඬ රැව් දෙනවා
ලාලිත මෝහන වදන් නිසා
තුරුලිය හිනැහෙනවා
ඔබ හින්දා මගෙ මුළු ජීවිතයම
රසයෙන් රස වෙනවා
කුංකුම චන්දන අංජන තවරා
චාන්දනි සිනාසුනා
නළල පුරා තිලකය තියලා
මට ආදර බස් දුන්නා
මා හද සනසන්නී
බැඳි ආලය පවසන්නී
බැඳි ආලය පවසන්නී
මා හද සනසන්නී
අවහිර බාධක අතරතුරේ
අපගේ ජීවන ඔරුව පැදේ
ඔබගේ හසරැලි අතරතුරේ
මම නැහැ සන්තාපය දුටුවේ
සොඳුරිය ඔබගේ සොඳුරු බවින්
මගෙ ජීවය ඔකඳ කෙරේ
කුංකුම චන්දන අංජන තවරා
චාන්දනි සිනාසුනා
නළල පුරා තිලකය තියලා
මට ආදර බස් දුන්නා //
මා හද සනසන්නී
බැඳි ආලය පවසන්නී
බැඳි ආලය පවසන්නී
මා හද සනසන්නී
ගායනය - විල්බට් ඇන්තනි
You Tube - Krishantha Tissera
චාන්දනි සිනාසුනා
නළල පුරා තිලකය තියලා
මට ආදර බස් දුන්නා //
මා හද සනසන්නී
බැඳි ආලය පවසන්නී
බැඳි ආලය පවසන්නී
මා හද සනසන්නී
සීතල පවනට මුසු වීලා
ගයනා ගී හඬ රැව් දෙනවා
ලාලිත මෝහන වදන් නිසා
තුරුලිය හිනැහෙනවා
ඔබ හින්දා මගෙ මුළු ජීවිතයම
රසයෙන් රස වෙනවා
කුංකුම චන්දන අංජන තවරා
චාන්දනි සිනාසුනා
නළල පුරා තිලකය තියලා
මට ආදර බස් දුන්නා
මා හද සනසන්නී
බැඳි ආලය පවසන්නී
බැඳි ආලය පවසන්නී
මා හද සනසන්නී
අවහිර බාධක අතරතුරේ
අපගේ ජීවන ඔරුව පැදේ
ඔබගේ හසරැලි අතරතුරේ
මම නැහැ සන්තාපය දුටුවේ
සොඳුරිය ඔබගේ සොඳුරු බවින්
මගෙ ජීවය ඔකඳ කෙරේ
කුංකුම චන්දන අංජන තවරා
චාන්දනි සිනාසුනා
නළල පුරා තිලකය තියලා
මට ආදර බස් දුන්නා //
මා හද සනසන්නී
බැඳි ආලය පවසන්නී
බැඳි ආලය පවසන්නී
මා හද සනසන්නී
ගායනය - විල්බට් ඇන්තනි
You Tube - Krishantha Tissera
සල්ලි පොකුරු මිල්ලේ අහුරු - ජය ශ්‍රී | Salli pokuru mille ahuru - Jaya Sri
සල්ලි පොකුරු මිල්ලේ අහුරු
සිහින විලේ බඹර රැගුම් පානා
පුංචි රටක පුංචි අපිට
සිහින සැබෑ වෙන්න වරම් ඕනා
සතුටු කඳුළු වැස්ස මතින්
මුතුකුඩ ඉහලන්න අපිට ඕනා
හිතේ සවිය ගතේ විරිය
අපිට ඇතිම එකම හිරිය වීලා
මුහුදු හතේ රළ රැල්ලේ
පොර බදලා අපි ආවා
නාග විමන් මකර කටින්
රිංගාලා අපි ආවා
රස්සාවට නගින උදේ
මචෝ කියලයි පිලිගන්නේ
කම්හල නැග බහින තුරා
අපේ දාඩිය තමයි සුවඳ දෙන්නේ
තියන විටදි අත දිග හැර
මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේ
කඩිසර කම තිබෙන තුරා
අපේ දවස කළ එළි වී එන්නේ
හද කොහෙදෝ ගිහිල්ලා දෝ
හීන් සැරේ මඟ ඇරලා
අපි දන්නා හඳ මාමේ
අපි නම් නෑ පැරදීලා
කටු වටකර තිබුණත්
අපි අතින් කරින් වස්තු අරන් එන්නේ
එහෙම ඇවිත් ගමේදි මේ
සේසත දවසින් වියදම් වෙන්නේ
ආපු ගමන් ආයෙත් යං
මිල්ලෙ සොයන් අපි එනවා
අද යනවා හෙට එනවා
එහා මෙහා ඔහෙ යනවා //
අද යනවා හෙට එනවා
එහා මෙහා ඔහෙ යනවා
ගායනය, සංගීතය - ජය ශ්‍රී
You Tube - kmwanniarachchi
සංසාරේ පැතු පැතුම් (අම්මා සදාදර) - සමිතා මුදුන්කොටුව | Sansare pathu pathum (amma sadadara) - Samitha Mudunkotuwa
සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා
මෙතේ බුදුන් දැක නිවන් මගට යන දා
මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා
අම්මා සදාදර ඔබයි මගේ අම්මා
පියෙකුගෙ සෙනෙහස උදුරාගෙන ගිය
පියා නොමැති ලොව හිරු සදිසි
මගෙ දිවි අරණට සඳ හිරු ඔබ විය
හෙලූ කඳුළු කැට දිරිය වුණි
අම්මා සදාදර ඔබයි මගේ අම්මා
මෙත් මුදිතා හද සවනක් රැස් මැද
මගේ පුංචි ලොව ඔබ සුරකී
හදේ තෙතක් නැති පියා නොමැති ලොව
දිරිය මවුනි ඔබ බුදුවන්නී
අම්මා සදාදර ඔබයි මගේ අම්මා
සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා
මෙතේ බුදුන් දැක නිවන් මගට යන දා
මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා
අම්මා සදාදර ඔබයි මගේ අම්මා
අම්මා සදාදර ඔබයි මගේ අම්මා///
අම්මා
ගායනය - සමිතා මුදුන්කොටුව
සංගීතය - අතුල අධිකාරි
you tube - Miranja Sameera
ලබැදි හිමිකරුවන්
සමිතා මුදුන්කොටුව
කළු කැළණි නදී - ලතා වල්පොල, සුසිල් ප්‍රේමරත්න | Kalu kelani nadee gala yawi - Latha Walpola, Susul Premarathna

කළු කැළණි නදී ගලා යාවී
කළු කැළණි නදී ගලා යාවී හෝ හෝ
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ
ලංකාවේ
සමනල කිරි ගල පිදුරුතලාගල
ආන්න වැල් කඳු පේළි
හක්ගල පේරාදෙණියේ මල්වතු
දුන්හිඳ ඇල්ලේ සෝභා
දුන්හිඳ ඇල්ලේ සෝභා
කළු කැළණි නදී ගලා යාවී හෝ හෝ
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ
ලංකාවේ
සීගිරි සිතුවම් දඹුලු පොළොන්නරු
ගල් කැටයම් පෙළ සෑදී
අව්කන පිළිමේ දෙන බුදු මහිමේ
ඉසුරුමුණියෙ මනහාරී
ඉසුරුමුණියෙ මනහාරී
කළු කැළණි නදී ගලා යාවී හෝ හෝ
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ
ලංකාවේ
සොරබොර වැව හා මහියංගණයද
බිංතැන්නට හිමි වූයේ
කතරගමේ කිරි වෙහෙර තිබෙන්නේ
නාගදීප ඇත උතුරේ
කළු කැළණි නදී ගලා යාවී හෝ හෝ
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ
ලංකාවේ ////
ගායනය - ලතා වල්පොල, සුසිල් ප්‍රේමරත්න
ලබැදි හිමිකරුවන්
ලතා වල්පොල,
සුසිල් ප්‍රේමරත්න
ආ මඟ වැරදී - අමරසිරි පීරිස්, ශෂිකා නිසංසලා | Aa maga waradi - Amarasiri Peiris, Shashika Nisansala
ආ මඟ වැරදී යන මං නොපෙනී
තනි වී දෙවිඳුන් නැති දෙවොලේ
කවුරු යදින්නද කවුරු පතන්නද
හිරු සඳුවත් නැති මිහිමඩලේ
සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැළි අතරේ
දම් පඳුරෙන් මංකඩ ලඟ ගොම්මං අඳුරේ
දියබුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ
හඬා දොඩා කීවත් නුඹ කවුරුද ඇසුවේ
ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුළැලි ගැලුවේ
මංදාරම් අහස වැසූ මිහිඳුම් සළුවේ
කිම්ද සොඳුරු ජීවන මඟ හිරිකඩ හෙළුවේ
සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැළි අතරේ
සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැළි අතරේ
ගායනය - අමරසිරි පීරිස්, ශෂිකා නිසංසලා
සඳගලතැන්න ටෙලි නාට්‍යයෙන්
ලබැදි හිමිකරුවන්
අමරසිරි පීරිස්,
ශෂිකා නිසංසලා
මං ඇහැව්වා හොරෙන් - රූකාන්ත ගුණතිලක | Mama ahawwa horen - Rookantha Gunathilaka
මං ඇහැව්වා හොරෙන් හදවතින්
මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා
මට හදවත කිව්වා තව පොඩ්ඩක්
කල්පනා කළොත් හොදයි කියා
මම පැත්තකට වුණා
හදවත කී දෙය ගැනම සිතා
හද පැත්තකින් තබා
ඔයා ගැනම කල්පනා කළා
ඔයා ගැනම කල්පනා කළා
කල්පනාව ගැඹුරුයි
මැවෙනා සිතුවම් හරි සොඳුරුයි
පෙර ආත්මයකදිත්
සිතුවම් කල්පනාවෙ දැවටේ
සිත දැහැන්ගත වුණා
කල්පනාවෙ ඈතට යන්න ගියා
මගෙ ගත නිසල වුණා
පෙර ආත්මයට මා අරන් ගියා
පෙර ආත්මයේදිත් ඔයා
මගෙ විනීත බිරිඳම වෙලා
මේ ආත්මයේදිත් පතා
ආ නිසාලු අපි එක්වීලා
පව් කරපු නිසා
ඒ ආත්මෙදිත් අපි නොදැන සිතා
මේ ආත්මයෙදි දැන්
එක සෙවණක ඉන්න බැරි වෙලා
මම ඇහැව්වා හොරෙන් හදවතින්
මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා
මට හදවත කිව්වා තව පොඩ්ඩක්
කල්පනා කළොත් හොදයි කියා
මම පැත්තකට වුණා
හදවත කී දෙය ගැනම සිතා
හද පැත්තකින් තබා
ඔයා ගැනම කල්පනා කළා
ඔයා ගැනම කල්පනා කළා
ගායනය - රූකාන්ත ගුණතිලක
මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා
මට හදවත කිව්වා තව පොඩ්ඩක්
කල්පනා කළොත් හොදයි කියා
මම පැත්තකට වුණා
හදවත කී දෙය ගැනම සිතා
හද පැත්තකින් තබා
ඔයා ගැනම කල්පනා කළා
ඔයා ගැනම කල්පනා කළා
කල්පනාව ගැඹුරුයි
මැවෙනා සිතුවම් හරි සොඳුරුයි
පෙර ආත්මයකදිත්
සිතුවම් කල්පනාවෙ දැවටේ
සිත දැහැන්ගත වුණා
කල්පනාවෙ ඈතට යන්න ගියා
මගෙ ගත නිසල වුණා
පෙර ආත්මයට මා අරන් ගියා
පෙර ආත්මයේදිත් ඔයා
මගෙ විනීත බිරිඳම වෙලා
මේ ආත්මයේදිත් පතා
ආ නිසාලු අපි එක්වීලා
පව් කරපු නිසා
ඒ ආත්මෙදිත් අපි නොදැන සිතා
මේ ආත්මයෙදි දැන්
එක සෙවණක ඉන්න බැරි වෙලා
මම ඇහැව්වා හොරෙන් හදවතින්
මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා
මට හදවත කිව්වා තව පොඩ්ඩක්
කල්පනා කළොත් හොදයි කියා
මම පැත්තකට වුණා
හදවත කී දෙය ගැනම සිතා
හද පැත්තකින් තබා
ඔයා ගැනම කල්පනා කළා
ඔයා ගැනම කල්පනා කළා
ගායනය - රූකාන්ත ගුණතිලක
හද හඬලා - අතුල අධිකාරි | Hada handala - Athula Adhikari
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ
අප හමු වූ අප තෙපලූ
අප හමු වූ තෙපලූ වෙන්වූ
ගං තීරේ මේ
මා හැඬවූ මා සැනසූ
මා තනි වූ ගංගාව මේ
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා
පෙරදා ගංගා තෙරේ
ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
හදේහී සෙනේහේ තමයි
ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
මාගේ සෙනේහේ තමයි
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ
කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
පැවසූ කතාවන් සැනසූ ලතාවන්
මාගේ හදේහී තියේ
කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
පැවසූ කතාවන් සැනසූ ලතාවන්
හද වේදනාවන් ගෙනේ
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ
අප හමු වූ අප තෙපලූ
අප හමු වූ තෙපලූ වෙන්වූ
ගං තීරේ මේ
මා හැඬවූ මා සැනසූ
මා තනි වූ ගංගාව මේ
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා
පෙරදා ගංගා තෙරේ
ගායනය - අතුල අධිකාරි
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ
අප හමු වූ අප තෙපලූ
අප හමු වූ තෙපලූ වෙන්වූ
ගං තීරේ මේ
මා හැඬවූ මා සැනසූ
මා තනි වූ ගංගාව මේ
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා
පෙරදා ගංගා තෙරේ
ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
හදේහී සෙනේහේ තමයි
ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
මාගේ සෙනේහේ තමයි
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ
කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
පැවසූ කතාවන් සැනසූ ලතාවන්
මාගේ හදේහී තියේ
කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
පැවසූ කතාවන් සැනසූ ලතාවන්
හද වේදනාවන් ගෙනේ
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ
අප හමු වූ අප තෙපලූ
අප හමු වූ තෙපලූ වෙන්වූ
ගං තීරේ මේ
මා හැඬවූ මා සැනසූ
මා තනි වූ ගංගාව මේ
හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා
පෙරදා ගංගා තෙරේ
ගායනය - අතුල අධිකාරි
හිරුට අයිති බව - නීලා වික්‍රමසිංහ | Hiruta aithi bawa - Neela Wickramasinghe
හිරුට අයිති බව හිරු පවසනවා
විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා
නුඹ කාටද හිමි නෙළුම් මලේ //
හිරු ආවාමලු ඔබ පිපිදෙන්නේ
විල හින්දාමලු ජීවත් වන්නේ
බිඟුටලු මදු මී පුරවා දෙන්නේ
නෙළුමේ කාටද සෙනෙහේ පුදන්නේ
හිරුට අයිති බව හිරු පවසනවා...
හිරු ළඟ අහසේ රුවට පිපීයන්
විල් දිය තුල සැඟවී සැනහීයන්
ආදරයක් නැති මිනිසකු දෑතට
නෙළුමේ ඔබ අසුවන්න එපා
හිරුට අයිති බව හිරු පවසනවා...
ගායනය - නීලා වික්‍රමසිංහ
පද රචනය - දයා ද අල්විස්
සංගීතය - රෝහණ වීරසිංහ
විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා
නුඹ කාටද හිමි නෙළුම් මලේ //
හිරු ආවාමලු ඔබ පිපිදෙන්නේ
විල හින්දාමලු ජීවත් වන්නේ
බිඟුටලු මදු මී පුරවා දෙන්නේ
නෙළුමේ කාටද සෙනෙහේ පුදන්නේ
හිරුට අයිති බව හිරු පවසනවා...
හිරු ළඟ අහසේ රුවට පිපීයන්
විල් දිය තුල සැඟවී සැනහීයන්
ආදරයක් නැති මිනිසකු දෑතට
නෙළුමේ ඔබ අසුවන්න එපා
හිරුට අයිති බව හිරු පවසනවා...
ගායනය - නීලා වික්‍රමසිංහ
පද රචනය - දයා ද අල්විස්
සංගීතය - රෝහණ වීරසිංහ
ලබැදි හිමිකරුවන්
L - දයා ද අල්විස්,
M - රෝහණ වීරසිංහ,
නීලා වික්‍රමසිංහ
සඳලතා පායලා - කීර්ති පැස්කුවල් | Sandalatha Payala - Keerthi Pasquel
සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ //
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරං
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරං
සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පිං වාසනා //
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරං
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරං
සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
ගායනය - කීර්ති පැස්කුවල්
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - සුනිල් ආරියරත්න
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ //
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරං
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරං
සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පිං වාසනා //
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරං
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරං
සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
ගායනය - කීර්ති පැස්කුවල්
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - සුනිල් ආරියරත්න
ලබැදි හිමිකරුවන්
L - සුනිල් ආරියරත්න,
M - සරත් ද අල්විස්,
කීර්ති පැස්කුවෙල්
රාත්‍රිය මනරම් - කසුන් කල්හාර, නිරෝෂා විරාජිනී | Rathriya Manaram - Kasun Kalhara ft Nirosha Virajini
රාත්‍රිය මනරම්...
ඔබ ලඟ හිදින..විට නම්
විදින්නට හැකි නම්...
ජීවිතය මෙතරම්...
දෑස් පියවෙන විට ඉතින්..
යලි අවදිවන්නට ලැබේ දැයි නොදනිම්..
දෑස් යට රැදි සිහින උදුරන්..
මියෙන්නට පෙර විදින්නම් පිරිමන්..
මියෙන්න පෙර විදින්නට පිරිමන්..
රාත්‍රිය මනරම්...
දෑස් නලියන විට පෙමින්..
ඔබ මිසක් කිසිවක් දකින්නට නොපතම්..
දෑස් බැද දිව පුරුදු උණුහුම් සුසුම් සුවයෙන්
මියෙන්නට හැකිනම්...
මියෙන්නට හැකිනම්....
රාත්‍රිය මනරම්...
ගායනය : කසුන් කල්හාර සහ නිරෝෂා විරාජිනී
ලබැදි හිමිකරුවන්
කසුන් කල්හාර,
නිරෝෂා විරාජිනී
Subscribe to:
Posts (Atom)