සඳට ආදරෙයි දෝ - වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක | Sandata Adarei Do - Victor Rathnayake, Sujatha Aththanayake



සඳට අහස ආදරේ දෝ...
මලට බමරු ආදරේ දෝ...(නෑ නෑ...)
දෙනෙතට වත ආදරේ දෝ...
සොඳුරියෙ මට ආදරේ දෝ..//(නෑ නෑ...)

සිලහිස මල් තුරුලිය සුරකින්නේ
ආදරෙන් නේදෝ...
දුහුවිලි පිස මැණිකක් අහුලන්නේ
ආදරෙන් නේදෝ...
ඔබ මගෙ හදවත් කුටියට එන්නේ
ආදරෙන් නේදෝ...(නෑ නෑ...)

සයුරෙහි දිය කඳුලක් තරමින් වත්
ආදරෙයි නේදෝ...(නෑ නෑ...)
එහෙනම් මා මුමුණන ගී පද
පෙරලා යලි කියනව දෝ...

මද සහනයි (සඳ පහනයි)
පද මවනයි (මද පවනයි)
වසර සසන තුරු (සසර වසනතුරු)
අම මාදරෙයි (මම ආදරෙයි)
මම ආදරෙයි...හ්ම්..හ්ම්....
මම ආදරෙයි...හ්ම්..හ්ම්....
මම ආදරෙයි...හ්ම්..හ්ම්....

ගායනය :වික්ටර් රත්නායක සමඟින් සුජාතා අත්තනායක
පද රචනය :ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

Comments

  1. Premakeerthi Liyuu.. ithama wenas akaraye geethayak. Geetha rachana kalawe Premakeerthi tharam pinum gahapu kala karayek nethi tharam.. Ethumawa akalaye mara demu unta me tikawath therune neththe ei...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...