නිරන්ජලා කාටදෝ - ප්‍රියන්ත ප්‍රනාන්දු, ඉන්ද්‍රාණි පෙරේරා | Niranjala katado adarelu dan - Priyantha Fernando, Indrani Perera



නිරන්ජලා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං //

සමනළයි සමන් මලයි
ඒ වගේලු පෙම්වතුන්
මලින් මලේ ආදරේ
අපිට ආස නෑ

ප්‍රියංගනී කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං

දගකාරෙන් නුහුරු කතා
මට කියන්න කෙනෙකු නෑ
හිතින් හඬන ආදරේ
අපට ඕනෙ නෑ

කුසුම්ලතා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං //


ගායනය - ප්‍රියන්ත ප්‍රනාන්දු, ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - අජන්තා රණසිංහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - යුග යුග රැඳි යුග ගී


Comments

  1. මේ සිංදු කාලෙකට පස්සේ 24 වෙනිදා උදේ 7.30 ට විතර සිරසෙන් ප්‍රචාරය වුණා. මට මතක ඇති කාලෙකින් ඒ ඇහුණාමයි.

    ReplyDelete
    Replies
    1. මමත් මේක ඇහුවෙ පහුගිය සතියෙ උදේ 8ට විතර සිරසෙන් තමා. උදේ 7-8 වගේ වෙලාවලදි මේ දවස්වල මේ වගේ සින්දුවක් දෙකක් යනවා. මම ගොඩක් පොඩි කාලෙ අහපු එකක්. මට තනුව ගැන යාන්තං මතකයක් තිබුණා.

      Delete
  2. මම කුඩා කාලේ අපේ ගමේ සහ අවට තිබ්බ විවිධ උත්සව/දේශපාලන රැස්වීම්/ටීටර්/තොරණ් ඔය වගේ හැම එකකටම සවුන්ඩ් සප්ලයි කලේ ෆ්‍රෙඩි අංකල්. මුළු පළාතටම 'ලවුස්කීපර්' සෙට් එකක් තිබ්බෙ එයාට විතරයි. වැඩේ කියන්නෙ මෑන්ස් සියළු ප්‍රචාරක කටයුතුවලදී සදහටම පාවිච්චි කලේ කැසට් පටි තුනයි. එකක් බෙග්‍ මාස්ටර්ගේ. 'බුද්ධං සරණං ගච්චාමි' හෙම ඒකෙ තිබ්බා. එකක් ජෝතිපාලගේ. අනික මේ ගීතය ඇතුලත් කැසට් එක. තව මේ කැසට් එකේ 'මලේ හැන්දෑවේ වහින වෙලාවේ' සින්දුව හෙම තිබ්බා මතකයි.
    (හොඳටම මතක ඔය සින්දු දෙක
    ෆ්‍රෙඩී අංකල් දැන් මියගිහින්. මේ සින්දුව අහද්දී ඒ අතීත සුවඳ දැනුනා.

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ ඉස්සර මිනිස්සු ;-)

      Delete
  3. දෙවැනි verse එකේ කියන්නේ "දඟකාරෙන් බොලඳ කතා..." කියලා නේද?
    මේ සින්දුව කියන්නේ ප්‍රියන්ත ප්‍රනාන්දු කියලා හොඳටම විශ්වාසද? කට හඬ නම් ඒ වගේ නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ත සෑහෙන්න තරුණ කාලෙ කියපු එකක් වෙන්න ඕන නේ...

      Delete
  4. සමාවෙන්න... "දඟකාරෙන් නුහුරු කතා..." කියලා නිවැරදි වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හැදුවා... ස්තූති වේවා!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...