මෝහිනී - සමන් ලෙනින් | Mohinee - Saman Lenin


ගොර සපුන් ඇහැරෙන ඇඳිරියේ..
දොළ හඬන තුන්මන් හන්දියේ..
කවුරු එන තුරු මඟ බලනවද
මෝහිනී මගෙ නංගියේ
මෝහිනී...ආදර නංගියේ..//

උඹේ දරුවා ගන්න කවුරුත්
නොයෙන මූසල හනදියේ
උඹට දරුවෙක් දෙන්න
ඕනෑ තරම් අය ඇති නංගියේ..//

සුරඟනට අමතක දරුවන්
හඬද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් උනේ කොහොමද
කියා දීපන් නංගියේ...//

ගොර සපුන් ඇහැරෙන...

ගායනය : සමන් ලෙනින්


Comments

  1. මම සම්න් ලෙනින්ව මුලින්ම දැක්කේ ස්වාධීන රූපවාහිනියේ තිබ්බ රජත රශ්මි වැඩ සටහනෙන්. බොහොම හොඳ හඬ පෞර්ෂයක් තියන ගායකයෙක්.

    ReplyDelete
    Replies
    1. මෙයාගෙ යූ ටියුබ්එකේ තියෙන සින්දු සේරම වගේ හොඳයි. අර සිරි පැරකුම් එකේ 'අම්බරුවෝ' කියන්නෙත් මෙයා කියල කිව්ව කනෙක්. හරි විස්තරයක් හොයාගන්න නෑ. ඒ සින්දුවනං මරු.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...