මට හරි පාළුයි - අජිත් කුමාරසිරි | Mata hari palui - Ajith Kumarasiri


ලංකාවේ ජනගහණේ කෝටි දෙකයි
ලෝකෙම කීයද මං දන්නෙ නෑ
මං කවුරුත් අඳුණන්නෙ නෑ
කවුරුත් මා අඳුණන්නෙත් නෑ
මට හරි පාළුයි
මට හරි පාළුයි
මට හරි පාළුයි

මොනවට මේ ලෝකෙට මං ආවද
මොකට ගෙනාවද මං දන්නෙ නෑ
ගෙනාපු අය මා අඳුණන්නෙත් නෑ
විස්වාසයෙ මල් පීදෙන්නෙ නෑ

ලංකාවේ ජනගහණේ කෝටි දෙකයි
ලෝකෙම කීයද මං දන්නෙ නෑ
මං කවුරුත් අඳුණන්නෙ නෑ
කවුරුත් මා අඳුණන්නෙත් නෑ

ඉරට වඩා හ‍ඳෙ කිසිම හොඳක් නෑ
හඳ එළියට මම රැවටෙන්නෙ නෑ
ඉරට වඩා හ‍ඳෙ කිසිම හොඳක් නෑ
හඳ එළියට මම රැවටෙන්නෙ නෑ
මං ආයෙත් මෙහේ එන්නෙ නෑ
විස්වාසය මං මෙහෙ පිළිගන්නෙ නෑ
මං ආයෙත් මෙහෙ එන්නෙ නෑ


ගායනය, සංගීතය, ගී පද - අජිත් කුමාරසිරි




වීඩියෝව ගත්තෙ මෙතනින් - Aravinda Perera

Comments

  1. අජිත් කුමාරසිරි අහන පිරිස එන්න එන්නම වැඩිවෙනවා ඒ ගැන මට සන්තෝසයක් තිබෙනවා.

    ReplyDelete
  2. මටත් හරි පාලුය්. මමත් ආයෙත් මහේ එන්නේ නෑ .ඇවිත් වැඩක් නෑ.මනුස්ස ලෝකේ පිරිලා තියෙන්නේ උන රෝගීන් ගෙන්. නමුත් මෙහෙන් යන්න කලින් තව කරන්න වැඩ ටිකක් තියෙනවා. : )

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...