මලේ හැන්දෑවේ - ක්ලැරන්ස් විජේවර්ධන | Male Handawe - Clarence Wijeywardana


මලේ හැන්දෑවේ වහින වෙලාවේ..
මගේ මීණා දළු නෙලන වෙලාවේ..
නිමාවෙලා..නිමාවෙලා..
මලේ හැන්දෑවේ වහින වෙලාවේ..
මගේ මීණා දළු නෙලන වෙලාවේ..

නළලලේ තිලකේ
රතු පැහැය සේදිලා..
ගඟුලේ සුරවී ඒ පඳුරු හීරලා
තෙමිලා තෙමිලා
ගත සීතලෙන් වෙලී ගියා ද
ආ පවන් රැලේ..

මලේ හැන්දෑවේ වහින වෙලාවේ..
මගේ මීණා දළු නෙලන වෙලාවේ..

බඳුනේ පහසේ ඔබ කෙරෙහි ආදරේ
ඇති දෝ නැතිදෝ
ඔය පැතුම මා කෙරේ..
නොදැනේ නොහැඟේ
මම මා හදේ බැදී පැතුම්
කියන්න දෝ කෙසේ...

මලේ හැන්දෑවේ වහින වෙලාවේ..
මගේ මීණා දළු නෙලන වෙලාවේ..

ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - කැමිලස් පෙරේරා


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...