කවිකාරියේ - කීර්ති පැස්කුවෙල්, ධම්මිකා බණ්ඩාර | Kavikariye sindu kiyana lande - Keerthi Pasquel, Dhammika Bandara


කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ ස්වාමී
හැන්දෑ වෙලා //

දෙකනේ රිදී තෝඩු ලා
නළලේ කොකුම් පාට ලා
වීණා වයා තාලෙටා
කවි ගී අසා ආවේ මා

වීණා වයා කවි ගී ගයා
අපි යන්නේ රුපියල් සොයා

කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ ස්වාමී
හැන්දෑ වෙලා

හිඟමන් නොයා මාවතේ
මහදේ රැ‍ඳෙන් රූපිකා
සසරේ ගෙනා ආදරේ
අඳුරයි ඔබේ දෝතටා

දෙවි සාමිනේ මංදා අනේ
සිත මාගේ චංචල වෙලා

කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ ස්වාමී
හැන්දෑ වෙලා //


ගායනය - කීර්ති පැස්කුවෙල්, ධම්මිකා බණ්ඩාර
සංගීතය - මහින්ද බණ්ඩාර
ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Sinhalalivesongs

Comments

  1. පළවෙනි අන්තරා කොටසේ වචන වල පොඩී වෙනසක් තියනවා...

    "කවි ගී අසා ආවේ මා"... කියන පද පේළිය "ගැයු ගී අසා ආවේ මා..." විදිහට වෙනස් වුණා නම් හරියට ම හරි.. :))

    ReplyDelete
  2. දෙකනේ රිදී තෝඩු ලා
    නළලේ කොකුම් පාට ලා
    වීණා වයා තාලෙටා
    (ගැයූ) ගී අසා ආවේ මා

    ReplyDelete
  3. සිඟමන් නොයා මාවතේ
    මහදේ රැ‍ඳෙන් රූපිකා
    සසරේ ගෙනා ආදරේ
    (පඬුරයි) ඔබේ දෝතටා

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...