ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ - ජගත් වික්‍රමසිංහ | Jale gambura oruwa danne ne - Jagath Wickramasinghe


ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ
මලේ සුවඳ ජලය දන්නෙ නෑ
හිතේ අරුම නගා දන්නෙ නෑ
නගේ නුඹට බොරු කියන්නෙ නෑ //

ආදරෙයි මං ආදරෙයි
හිතේ පිරුණ සෙනේ තරම
කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි //

නැන්ද මාමා මට බනීවිදෝ
දූව දෙන්න බෑ කියාවිදෝ
මැවූ සිහින සුන්ව යාවිදෝ
නුඹවත් මට බහක් දේවිදෝ //

ආදරෙයි මං ආදරෙයි
හිතේ පිරුණ සෙනේ තරම
කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි //

ආදරෙයි මං ආදරෙයි ////

ගායනය - ජගත් වික්‍රමසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - චන්ද්‍රලතා වික්‍රමසිංහ




වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMusicTube

Comments

  1. පද - චන්ද්‍රලතා වික්‍රමසිංහ
    ස්වර - රෝහණ වීරසිංහ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...