ගලන දොලේ පෙණ බුබුලයි ආදරේ - අමිතා වැදිසිංහ | Galana dole pena bubulai adare - Amitha Wedisinghe


ගලන දොලේ පෙණ බුබුලයි ආදරේ
මිලින මලේ පැණි කඳුලයි ආදරේ

මහ ගල් කුළු ඉහල නගා
සුළං රොදින් සුසුම් හෙලා
ඈත සිහින් වලා පෙළින්
රහස අසයි ආදරේ

නිල් කඳුවැටි පීරා
පායන සඳ රේඛා
එබී බලා නිහඬ රැයක
රහස අසයි ආදරේ

මහ ගස් අතු ඉහල බලා
කුරුළු හඬින් ගීත ගයා
වෙළෙන වැලේ පිපෙන මලින්
රහස අසයි ආදරේ

ගලන දොලේ පෙණ බුබුලයි ආදරේ
මිලින මලේ පැණි කඳුලයි ආදරේ


ගායනය - අමිතා වැදිසිංහ
සංගීතය - ඩබ්. ඩී. අමරදේව
ගී පද - මහගම සේකර
චිත්‍රපටය - ආදරයයි කරුණාවයි (1965)





වීඩියෝව ගත්තෙ මෙතනින් - anoransi

Comments

  1. පද - මහගම සේකර
    ස්වර - ඩබ්. ඩී. අමරදේව
    චිත්‍රපටය - ආදරයයි කරුණාවයි (1965)

    read the comments in this post

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැමදාම වගේ :D

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...