දොළොස් මහක් ගතවී යන මොහොතේ - රෝහණ බැද්දගේ, බන්ධුල විජේවීර | Dolos mahak gathawee yana mohothe - Rohana Beddage, Bandula Wejeweera


දොළොස් මහක් ගතවී යන මොහොතේ
අන්තිම දවසේ මැදියම් රෑ
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා
කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා

අවුරුද්දක් තිස්සේ කළ කී දේ
මතක් වෙනකොටත් සමහර එව්වට
මටම හිනා මස්සිනේ
අවුරුද්දක් තිස්සේ කල කී දේ
මතක් වෙන කොටත් සමහර එව්වට
මට ඇඬෙනව මස්සිනේ
උඹ අඬන්ටෙපා මස්සිනේ
අඬන එකා දැන හිනැහෙන්ටෙපා මස්සිනේ
උඹ අඬන්ටෙපා මස්සිනේ
අඬන එකා දැන හිනැහෙන්ටෙපා මස්සිනේ


දොලොස් මහක් ගතවී යන මොහොතේ...


හපන්කමක් ඇති අලුත නැගී එන
කෙනෙක් දුටුවොතින් හිත සන්තෝසෙන්
අත දීපන් මස්සිනේ
අලුත් කෙනෙක් දුටුවොතින් මමත් හරි ආසයි
ඒත් ඔය කපන්න බැරි අත
ඉබින්ටෙපා මස්සිනේ
නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා
නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා
නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා


දොලොස් මහක් ගතවී යන මොහොතේ...


පොළෙන් පොළට ගිය පොල් වෙළඳාමෙන්
යාන්තමට වගෙ ජාම් බෙරුණා
ඒත් මදැයි මස්සිනේ
ගොනා පිටේ හකුරුත් පටවාලා
වක්කඩේ හකුරු හංගා තියලා
හනේ වෙච්චි දේ මස්සිනේ
දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ
දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ

දැන් ගිය හකුරට නාඬන්නේ
ඔය තියෙන හකුර රැක ගන්නේ //


ගායනය - රෝහණ බැද්දගේ, බන්ධුල විජේවීර
සංගීතය, ගී පද - රෝහණ බැද්දගේ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Priyantha De Silva

Comments

  1. මේක ලිව්වෙත් බැද්දගේම තමයි. මේ ගීතය ඇතුලත් කැසට් එක නිෂ්පාදනය කලේ සනත් නන්දසිරි

    ReplyDelete
  2. ගී පැදුරේ සැමටම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...