අඳුර ඉකිබිඳින තුරු - අසංක ප්‍රියමන්න පීරිස්, නිරෝෂා විරාජිනී | Andura ikibindina turu - Asanka Priyamantha Peiris, Nirosha Virajini



අඳුර ඉකිබිඳින තුරු සිටියට සැඟවී
සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
නාඬනු දුක් කඳුළ තුරුලටම වඩිමි
සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී

පිවිතුරු පැන් බිඳකට මුතු කඳුළු වැටී
දෑඟිලි මැද සෙනෙහස රන් දෙවොල තැනී
සාගරයක ආදර රැළි හිතට එබී
දිග වුණා තමයි සොඳුරියෙ සසර බැමි

අඳුර ඉකිබිඳින තුරු සිටියට සැඟවී...

මල් පෙති මත නැවුම් සුවඳ වැතිර හිඳී
මින්දදයින් මා බලන්න නිතර එති
හීනෙන් මුදු පොපියන තොල් සඟල සිඹී
ඔබෙ සුවඳින් මිදුණා දුක සසර පිරී

අඳුර ඉකිබිඳින තුරු සිටියට සැඟවී...


ගායනය - අසංක ප්‍රියමන්න පීරිස්, නිරෝෂා විරාජිනී
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - චන්න ජයනාත්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Pavithra Somadasa


Comments

  1. බොහොම ලස්සන ගීතයක්...

    පද රචනය - චන්න ජයනාත්
    සංගීතය - රෝහණ වීරසිංහ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...