ආදර සීනුව - ග්‍රේෂන් ආනන්ද | Adara seenuwa pem lowa dora langa - Greshan Ananda


ආදර සීනුව පෙම්ලොව දොර ළඟ රැව් දෙන්නේ
ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ
ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ
මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ //

කාගේ වේවා ලේ එක වාගේ දිස් වන්නේ
අහසයි මුහුදයි ළං වී දෙනුවන් රවටන්නේ
ආලය මායා සිහිනය වේදෝ නැහැ දන්නේ
කාලය විසඳුම් දෙනතුරු ඉන්නද සිදුවන්නේ

ආදර සීනුව පෙම්ලොව දොර ළඟ...

සංසාරේ හුරු සුවඳයි මට ඈ ගෙන එන්නේ
මාගේ දුප්පත් කමටයි ලොව එදිරිව ඉන්නේ
ජය ටැඹ පෙනුනත් ජය හිමි වේදෝ නැහැ දන්නේ
යා යුතු මාවත කොයි අත වේදෝ නෑ දන්නේ

ආදර සීනුව පෙම්ලොව දොර ළඟ... //


ගායනය - ග්‍රේෂන් ආනන්ද
තනුව - ග්‍රේෂන් ආනන්ද
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
'ප්‍රමාද වැඩියි' ටෙලි නාට්‍යයෙන්



වීඩියෝව ගත්තෙ මෙතනින් - හෝපලු වනපෙත KDK Lyrics

Comments

  1. පද පේළි නිවැරදි කරන්න

    ReplyDelete
    Replies
    1. මොනවද නිවැරදි කරන්න ඕන?

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...