සෙනෙහෙ සිතින් - ගුණදාස කපුගේ | Senehe Sithin - Gunadasa Kapuge - sinhala lyrics


සෙනෙහෙ සිතින් - සැනසිල්ලෙන්..
එක සිතිවිල්ලෙන්...
වෙමින් එකම මවකගෙ දරුවන්..
නුවන් පියෙන තුරා ඉදිමු අපි හසරැල්ලෙන්...//

එකම අහසකිනි කාටත් සෙවන සැදෙන්නේ..
පොළව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ..
එවන් පොළව මත යුධ වැද උරුම සොයන්නේ..
තරඟ වැදී නොමිනිස්කම් ඇයි මිනිසුන්නේ..

සෙනෙහෙ සිතින්...

බෙදුම් පවුරු සීමා මැද පිල් බැදගන්නේ..
තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ..
කෙනෙක් නසන මං සලසා කෙනෙක් දිනන්නේ..
ජීවත් වන ටික ඇයි මේ සටන් වදින්නේ...

සෙනෙහෙ සිතින්...

ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය : කුලරත්න ආරියවංශ


වීඩියෝව ගත්තේ මෙතැනින් : Sinhala Songs

Comments

  1. //වෙමින් එකම මවකගෙ දරුවන්..//

    //එවන් පොළව මත යුධ වැද උරුම සොයන්නේ..//

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ...වෙනස් කළා..!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...